4 ලිපිය -- සල්ලි හොයන මුල්ම ක්‍රමේ !! ඇඩ් ක්ලික් ගැන A-Z ඉගෙනගන්න - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Tuesday, October 17, 2017

4 ලිපිය -- සල්ලි හොයන මුල්ම ක්‍රමේ !! ඇඩ් ක්ලික් ගැන A-Z ඉගෙනගන්න

by PRINCE ADITHA




එහෙනම් කිව්ව විදියටම 2017 අලුත්ම අප්ඩේට් එක්ක ඇඩ් ක්ලික් කරල සල්ලි  හොයන විදිය ගැන 1 ලිපිය නැත්තන් ලිපි පෙලේ 4 ලිපිය පටන් ගන්න යන්නෙ ඉතින් අන්තිමට දාපු ලිපියටත් සෑහෙන්න ප්‍රතිචාර,,, නෑ නෑ ප්‍රතිචාර කිව්වොත් වැරදී... වචනෙ තමා" කියවල තිබුනා ".ඒ කියවපු හැමෝටම ස්තූතී .පුදුමෙ කියන්නෙ මේ එන කිසිම කෙනෙකුට  කමෙන්ට් එකක් දාන්න හිතෙන්නැති හැටි  !!!!!
                                       

හරි අපි යන් අපේ මාතෘකාවට ---- ඇඩ් ක්ලික් කරල සල්ලි හොයන එක නැත්තන් කෙටියෙන් කියනව PTC කියල

මූලිකවම දැන ගන්න එපැයි මෙහෙම එකක් කරන්න පුලුවන්ද කියල .ඔව් අනිවාරෙන්ම පුලුවන් ලංකාවෙ අයට තවත් හොදට පුලුවන් මොකද ඔය TV චැනල් වල ඇඩ් අස්සෙ යන කතා ,වැඩසටහන් බලන අපිට මේ තප්පර 5/10 ඇඩ් එකත් කජ්ජක්ද


මම හිතනව ඔය කට්ටිය මේකට එන්නෙ මේ පිලිබද විමර්ශනාත්මක ගවේශනයක් කරන්න නෙවෙයි කියල මොකද මට මේකේ ඉතිහාසය ටයිප් කරන එකේ ප්‍රයෝජනයක් පෙන්නෑ හැබැයි පටන් ගන්න කලින් වැදගත් දෙයක් කියන්න තියෙනව නෙට් එකේ හෙව්වොත් ඇඩ් ක්ලික් කරන්න දෙන සයිට් පට්ට තොගයක් තියෙනව ඒවගෙ අපේ අකවුන්ට් එකට සල්ලි එකතු වෙනවත් පෙන්නනව 


ඒත ගන්න ගියාම හුලං තමා ! ඔයිටත් වඩා සුපිරිම සීන් එක තමා ඩොලර් 100 විතර මාස ගානක් අමාරුවෙන් ඇඩ් බලල , ගන්න කියල එකතු කරල තියෙද්දි පහුවෙනිද උදේ බලද්දි එහෙම වෙබ් සයිට් එකක් නෙට් එකේ තියා අගහරු ලෝකෙත් නෑ ..ඇයි ආය පොලිසි ගිහින් පැමිනිල්ලක් දාන්නයැ අතුරුදහන් වී ඇත කියල



හරි හරි විකාර ඇති පටන් ගන්නත් කලින් මම මේකට විශ්වාසවන්ත සයිට් කීපෙක ලින්ක් ටික දාල ඉන්නම්
(  ඒ එක්කම කියන්නෙ වැදල කියන්නම් මේව වල අකවුන්ට් හදන හැටි අහන්න එපා මොකද අකවුන්ට් එකක් හදන එක ලේසි උනාට විස්තර කරන එක පට්ට අමාරුයි .3 ලිපිය බලපු අය දන්නව ඇතිනෙ කොච්චර අමාරුද කියල  )

neobux එකට ජොයින් වෙන්න

clixsense එකට ජොයින් වෙන්න


prize rebel එකට ජොයින් වෙන්න


buxp එකට ජොයින් වෙන්න


paidverts එකට ජොයින් වෙන්න



ඔන්න සයිට් ටික ..මේ සයිට් ටිකම තෝරගන්න හේතු උනේ මේව වල දැනට හරියටම කියල තියෙන ගාන ගෙවනව වගේම හරියටම ඇඩ් ටික දීල තියෙන වෙලාවට ලැබෙනව .ඒ වගේම ඔයා බලාපොරොත්තු වෙනවනම් මේ සයිට් 5 ඇඩ් ක්ලික් කරල ඔය ලංකාවෙ යන ඊ මනී ඇඩ් වල වගේ මාසෙට 50000 /100000 උපයන්න කරුණාකරල ඒ වැඩසටහනකට යන්න මොකද එහෙම පුලුවන්නම් මම ගෙදර තියෙන මැශින් 3 පාවිච්චි කරල 150000 හොයනවනෙ
පිස්සු හැදෙන පට්ට හීනයක් !!!!


ඇත්තටම මුල් මාස 2/3 මේ සයිට් 5ම වැඩ කලොත් දවසකට හොයන්න පුලුවන් (සාමාන්‍ය අකවුන්ට් එකකින් ඇඩ් විතරක් බැලුවොත් ) 0.1$ සිට 0.5$ වගේ ගානක් තමා ඒ කියන්නෙ යන ඩේට ටිකත් එක්ක අතින් කාල හරක් බලනව වගේ වැඩක් තමා අර ෆ්රී වයි ෆයි ලැබුනනම් සලකා බලන්න තිබුනා .


ඊලග මාස 2/3 දි 1$ සිට 5$ දක්වා හොයන්න පුලුවන් .දැන් හිතන්න එපා එහෙනම් අද අකවුන්ට් එක හදල තව මාස 2 කින් ඇවිල්ල ඇඩ් බලනවනෙ කියල .මොකද ඔය දීල තියෙන ගාන අදාල වෙන්නෙ කාලය මත නෙවෙයි ඔයාගෙ ගිනුමට ඒ අය දෙන රෑන්ක් එක මත .පේනවනෙ ඒ කියන්නෙ මාසෙට අඩුම තරමෙ දවස් 25ක් වත් ඇඩ් බලන්න වෙනව .
මේ විදියට ඔයා අවුරුද්දක් විතර සුපිරියට ඇඩ් බැලුවොත් ඔන්න ඔයාට 10$ වගේ ඇඩ් එකක් දෙකක් සතියට එනව


හරි එහෙනම් මම මේ ගිනුම් ගැන පොදු කරුනු ටිකක් කියල දෙන්නම්


  1.  සාමාන්යෙන් මේ සයිට්  වලින් ලංකාවෙ අය ගොඩක්ම කරන්නෙ නියෝ බක්ස් එකයි ක්ලික්  සෙන්ස් එකයි තමා ඒ කියන්නෙ ඒකෙ ලංකාවෙ අය ගොඩක් ඉන්නව එතකොක මොකක් හරි අවුලක් ගියොත් විස්තර දැන ගන්න පුලුවන්  හැකියාව වැඩී 
  2. සාමාන්යෙන් මේ හැම එකකම වගේ රිෆර් ලින්ක් වලින් මුදල් හොයන්නත් පුලුවන් හැබැයි මේ ට්‍රේඩර්ල අපිට වඩා කට්ටයො ඉතින් ඒ අය හදල තියෙන ක්‍රමේ තමා අපෙ රෙෆර්ල රෙජිස්ටර් උනාට විතරක් මදි ඒ අය ඇඩ් බලන්නත් ඕනෙ එතකොට ඒ ඇඩ් එකේ ගානෙන් රෙෆර්ට සෙට් වෙන ගාන වගේ 10% වගේ අපිට දෙනව හැබයි රෙෆර්ල බයවෙන්න එපා ඔයාලගෙන කැපිල නෙවෙයි මෙයාලට දෙන්නෙ
  3. ඒ වගේම තමා ටික කාලයක් ඇඩ් නොබල හිටියොත් ඔයාගෙ අකවුන්ට් එක ඩිසේබල් වෙනව 


මෙන්න මේ රෙෆර්ල කොටස් වර්ග 2ක් ඉන්නව


  •           ඩිරෙක්ට් රිෆර්ල 
  •           රෙන්ට් රිෆර්ල 

අපිට අපෙ රෙෆර් ලින්ක් එකෙන් කට්ටිය හොයගන්න බැරි උනොත් අපිට ඒ සයිට් එකේම රෙෆර් ලින්ක් එකක් නැති අයව රෙන්ට් එකට නැත්තන් කුලියට ගන්න පුලුවන්
මතක තියා ගන්න මේ අය ඇඩ් බැලුවෙ නැත්තන් හරි අපි ඇඩ් බැලුවෙ නැත්තන් හරි අපිට හම්බුවෙන ගාන හම්බුවෙන්නෙ නෑ එතකොට හැමවෙලේම අපි අපේ රෙෆර් ලිස්ට් එකේ ඇඩ් බලන්නැති අයව අයින් කරල අලුත් අය දාගන්න ඕනෙ 

මේ රෙෆර් සිස්ටම්  එකෙන් සල්ලි හොයන එක ගැන සිංහල ලිපි ගොඩක් තියෙනව ඉතින් මමත් ඒවා ආයෙම කුරුටු ගාන එක තේරුමක් නෑ ඒ නිසා අලුත් ලිපි පෙලක් ආරම්භ කලා උපුටා ගැනුනු ලිපි කියල 

1 වෙනි ලිපිය --  නියෝබක්ස් ගැන දැන ගනිමු

2 වෙනි ලිපිය -- ඇඩ් ක්ලික් වලට රෙෆ්ලර්ල දාල වැඩි ආදායමක් උපයමු


මීට අමතරව තව පොදු කරුණු තියෙනව ඒත් එච්චර වැදගත් නෑ !!!!මම දැනට ලංකාවෙ වැඩියෙන්ම කරන ඇඩ් ක්ලික් සයිට් 2 ගැන විශේශ කරුනු කියල දෙන්නම්

දැන් බලමු නියෝබක්ස් වල විශේශතා ----|



  • Neobux වල අපි ඇඩ් බලන්න ඕන පැය 24න් 24ට.  Neobux අඩවියෙ ඇඩ් බලන පිටුවට ගියාම අපිට පාට තුනකින් ඇඩ් පෙන්නනව. මේව අතරින් තැඹිලි පාට ඇඩ් තමයි අපි අනිවාර්යෙන්ම බැලිය යුත්තේ. මොකද  Neobuxල අපි ඇඩ් බැලුව කියල තහවුරු කරගන්නේ ඒ තැඹිලි පාට ඇඩ් බලල තිබ්බොත් විතරයි. ඒ වගේම අපේ referralsලගෙන් අපිට comission එක ලැබෙන්නෙත්  ඇඩ් 4 බලල තිබුනොත් විතරයි.

  • Neobux වල ඇඩ් බලන්න ඕන පැය 24 චක්‍ර වලට. ඒ කියන්නේ අපි අද උදේ 7 ඇඩ් බැලුව නම් අයිමත් ඇඩ් බලන්න ඕන හෙට උදේ 7ට. නමුත් මම මේ කියන්නේ තැඹිලි පාටට තියන ඇඩ් ගැන විතරයි.  Neobux ad alert දාගෙනනම් තියෙන්නේ ඒකෙපෙන්නන ඇඩ් ඕන වෙලාවක බලන්න පුළුවන්. 

  • ගොඩක් දෙනෙක්ට ඇඩ් බලද්දි ඇතිවෙන ප්‍රශ්නයක් තමයි "A user using your IP address have already clicked this advertisement in last 24 hours" කියල error එකක් පෙන්නන එක. ඒ කියන්නේ අපේ  IP address එකෙන් වෙනත් කෙනෙක් ඇඩ්බලල තියනව කියල.

මේකට හේතුව වෙන්නේ මේකයි. mobile internet service providers සමහරවෙලාවට එකම  IP address IP address එකෙන් කීප දෙනෙක් අන්තර්ජාලයට සම්බන්ධ කරනව. ඒ වගේම තමයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවෙම අපිටලැබෙන්නේ එකම IP address එකක් නෙමෙයි.



මේකට විසඳුම විදියට කරන්න තියෙන්න බොහොම පොඩි දෙයක්. එහෙම error එකක් ආවොත් connection එක disconect කරල ආයිමත් connect කරන්න. දෙතුන් පාරක් කරද්දි වැඩේ හරි  


අම්මෝ ලිපි 3ම එක සැරේ රිලීස් කරනව.. මගෙ නොවුනත් මේව හොයල දාන්න ගියාමත් එපා වෙනව විශේශයෙන් ඇඩ් ක්ලික් ගැන එපාම වෙනව 
ඇත්තටම සමහර අය එක එක කතා කියනව වෙන්න පුලුවන් මම මේ ලිපි උපුටා ගැනීම පිලිබද ඒත් මම මේ හැම දෙයක්ම කරන්නෙ බලන ඔයාල වෙනුවෙන් නැත්තන් මටත් පුලුවන් මේ ලිපි මගෙ වගේ දාන්න ඒත් මේ හැම ලිපියක්ම උපුටාගද්දි අදාල සයිට් එකේ ලින්ක් එක පවා දාල තමා හදල තියෙන්නෙ 

කට්ටිය ගෙන්න අරන් සල්ලි හොයන්නත් මගේ තාම අදහසක් නෑ එහෙනම් මේ බ්ලොග්  එකටත් මම ඇඩ් දානවනේ තාම එහෙම අදහසක් මට ඇවිල්ල නෑ  


තවමත් තේරෙන්නැත්තන් මෙතන තියෙනව සිංහල වීඩියෝ කීපෙක ලින්ක් ඒවත් බලල ඉන්න 



1 -- නියෝබක්ස් වලින් මුදල් උපයමු                    නියෝබක්ස් 1 පාඩම

2-- නියෝබක්ස් වලින් වැඩියෙන් මුදල් උපයමු     නියෝබක්ස් 2 පාඩම

3-- ක්ලික් සෙන්ස් වලින් මුදල් උපයමු                  ක්ලික්සෙන්ස් පාඩම 



ලිපිය ලිව්වෙ ---  PRINCE ADITHA 



No comments: