උපුටා ගැනුනු ලිපි 1 -- නියෝබක්ස් ගැන දැනගනිමු - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Tuesday, October 17, 2017

උපුටා ගැනුනු ලිපි 1 -- නියෝබක්ස් ගැන දැනගනිමු

by PRINCE ADITHA






මම මුලින්ම කිව්වනෙ මේ සයිට් එකේ මූලික පරමාර්තය තමා අන්තර්ජාලය පුරා විසිරුන ඊ මනී ක්‍රමවේද එක සයිට් එකකින් දෙන එක කියල. මොකද හොදටම පැහැදිලි කරල තියෙන එකක් ආයෙ මමත් පැහැදිලි කරන එකේ තේරුමක් නෑනේ  මෙන්න ඒකෙ පලවෙනි ලිපිය

මේක මම උපුටා ගත්තෙ තවත් බ්ලොගර් එකකින් ඒකත් ලංකාවෙ ඉන්න හොදම ඇඩ් ක්ලික් කරන කෙනෙක් ලියපු ලිපියක් තමා ඒකට යනවනම් නියෝබක්ස් ගැන දැනගනිමු
ඒ ලිපියෙ වැදගත්ම ටික තමා මේ තියෙන්නෙ

NeoBux ගැන දැනගමු

ආයුබෝවන් හැමදෙනාටම...!!!

අද මම කියන්න යන්නෙ ලෝකෙ ප්‍රධානම PTC වැඩසටහන වන NeoBux වෙබ් අඩවිය ගැන. මේ වෙබ් අඩවිය 2007 ඉඳන් අන්තර්ජාලයෙ තියනව, ඒ වගේම අද වන තුරුත් ගෙවීම් කරන විශ්වාසවන්ත ආයතනයක්. ඔයාල තවමත් මේකෙ ලියාපදිංචි වෙල නැත්නම් පහල ලිංක් එකෙන් ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙන විදිය පියවරෙන් පියවරටම කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් ඇති උනොත් මේකට කමෙන්ට් එකක් දාල තියන්න.

 

 මේකත් අනිත් Bux site වගේම තමයි. දිනපතා ගිහින් ඇඩ් බලන්නයි තියෙන්නේ. 

අද මගේ ලිපියෙ ප්‍රධාන අරමුණ NeoBux ලියාපදිංචිය ගැන කියන එක නෙමෙයි. NeoBuxඑකෙන් දිනකට ලැබෙන ඇඩ් ප්‍රමාණය වැඩි කරගන්න හැටි කියන්නයි.


අපි දවසකට එක් වතාවක් පමණක් මෙ සයිට් එකට ගියොත් අපිට බලන්න ලැබෙන්නේ දිනපතා දෙන Fixed ads ටිකයි, ඊට අමතරව ලැබෙන ad 3-4ක් විතරයි. ඒකට හේතුව තමයි Fixed ads වලට අමතරව ලැබෙන ඇඩ් තියෙන්නේ විනාඩි කීපයක් පමණයි. ඒ වෙලාවෙ ඇඩ් නොබැලුවොත් ඇඩ් එක කැන්සල් වෙනව. 

කොහොමද ඇඩ් එකක් ආපු ගමන් අපි ඒක දැනගන්නේ? 

ඒකට NeoBux දීපු විසඳුම තමයි NeoBux AdAlert
මේකත් ClixSense tool bar එක වගේ එක්ක. මේ add-on එක ඔයාලගෙ බ්‍රව්සර් එකට install කරගත්තම NeoBux ඇඩ් එකක් ආපු ගමන් ඒක අපිට පෙන්නනව. අපි දැන් බලමු කොහොමද මේ add-on එක ගන්නේ කියල.

මුලින්ම ඔයාගේ NeoBux ගිණුමට යන්න.




 Page එකේ පහළම තියන AdAlert click කරන්න. එත කොට පහළ page එක open වෙනව.

add-on එක download කරගන්න ඔයා පාවිච්චි කරන web browser එක තොරන්න. එතකොට add-on එක download වෙනව. ඒක install කරගන්න. දැන් එක close කරල ආපහු open කරන්න.

Firefox browser එකේ නම් මේ විදියට add-on එක දකින්න පුළුවන්. 



දැන් ඇඩ් එකක් ලැබුන ගමන් අපිට ඒක දැන ගන්න පුළුවන්.

No comments: