3 ලිපිය - ඔයාගෙ ඇඩ්‍රස් එක දාල අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Tuesday, October 17, 2017

3 ලිපිය - ඔයාගෙ ඇඩ්‍රස් එක දාල අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

by PRINCE ADITHA



අලුත් ලිපියට පැය 5 වගේ කාලයක් තුල වීව් 100ක් ඉක්මවා ලැබීමේ සතුටට සහ ගෙදරින් එලියට බැසීමට පවා නොහැකි වන සේ පවතින අධික වැසි තත්වය හේතුවෙන් අලුත් ලිපිය  නැත්තන් 3 වෙනි ලිපිය දාන්න යන්නෙ ඔන්න

හරි එහෙනම් කිව්ව විදියටම ආයෝජනයක් කරද්දි කලින් හදපු පේපැල් ගිණුමට වඩා ආරක්ශිත නීත්‍යානුකූල ගිනුමක් එපැයි .ඔන්න එහෙනම් අද කියන්න යන්නෙ එහෙම නිත්‍යානුකූලව ඔයාගෙ ඇඩ්‍රස් එකම දාල  ගිනුමක් හදන හැටි .මේකනම් හැම කෙනෙක්ටම  හදන්න බෑ.බෑ කිව්වට බෑමත් නෙවෙයි ලේසි නෑ . අඩුම ගානෙ පාස්පෝට් එකක් හරි ඩ්‍රයිවින් ලයිශන් එකක් තිබ්බොත් ලේසීයි


මුලින්ම කියන්න යන්නෙ සරල ප්‍රශ්නෙකට උත්තරේ ඇයි මේ අපේ  ID එකෙන් මේක හදන එක අමාරු ප්‍රශ්නෙ වගේම සරල උත්තරයක් තමා තියෙන්නෙ මේ වෙද්දි අපේ ජාතික හැදුනුම්පතේ විස්තර සටහන් වෙන්නෙ සිංහලෙන් ඉතින් ඔය සයිට් කන්ට්‍රෝල් කරන අය සිංහල දැන ගැනීමේ සම්භාවිතාව ඉතාම අඩුයි .ඉතින් ඉන්ග්‍රීසියෙන් දත්ත සටහන් වෙලා තියෙන රියදුරු බලපත්‍රයෙන් හරි පාස්පෝට් එකෙන් හරි කරන එක ලේසී

දැන් මේ වැඩේ එහෙම කලබලේට කරන්න පටන් ගන්න බෑ .මේකට යන්න කලින් ඔයා ගාව ලෑස්ති කරගෙන තියාගන්න ඕනෙ විස්තර වගයක් තියෙනව .
     

  • මුලින් කිව්ව විදියට ඩ්‍රයිවින් ලයිශන් එක හරි පාස්පෝට් එක හරි
  • ඔයාගෙ ගෙදර ඇඩ්‍රස් එකට මාස 3 කාලයක් ඇතුලත ආපු බැංකු බිල්පතක් ,ජල බිල්පතක් ,විදුලි බිල්පතක්
  • කොලිටි කැමරාවක් තියෙන ෆෝන් එකක් ,නැත්තන් ගෙදර තියෙන කැමරාවක්
  • උදව්වට කවුරුහරි කෙනෙකුත් ඉන්නවනම් හොදයි (මොකද මේ ගන්න චායාරූප කොලිටි එකට ඕනෙ)




හරි විස්තර ටික ලෑස්තිද එහෙනම් වැඩේ පටන් ගමු !!!



මුලින්ම ඔය දීල තියෙන සයිට් එකට යන්න (නම බලල බය වෙන්න එපා ඕක තමා හරි සයිට් එක )
                                        www.cex.io

ඕක පේන්නෙ මෙන්න මේ වගේ


ඕකෙ ඔය දකුණු කෙලවරේ තියෙන රෙජිස්ටර් කියන එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන ෆෝම් එක විවෘත්ත කර ගන්න ඊට පස්සෙ අපිට තියෙන්නෙ අපෙ දැනට භාවිතා කරන ඊමේල් ඇඩ්‍රස් එකකුයි හොද අලුත් පාස්වර්ඩ් එකකුයි දාල රෙජිස්ටර් දෙන්න

හරි දැන් ඒ පේජ් එකෙන් ඔයාට මේ ලෝකෙ ප්‍රයෝජනයක් නෑ. ඒක අයින් කරල ඔයාගෙ අර ෆෝම් එකට දාපු ඊමේල් ගිණුමට ලොග් වෙන්න. ඊට පස්සෙ ඒකෙ අලුත් මේල් එකක් තියෙනව කන්ෆෝම් කරන්න කියල  ඒක විවෘත්ත කරගෙන දීලා තියෙන ලින්ක් එකට ලොග් වෙන්න

ඔන්න ගිණුමෙ මුල් පියවර ටික හරි ඊට පස්සෙ අපෙන් අහනවා මේකෙ ලොගින් වෙරිෆිකේශන් එක ඔය කට්ටිය ගන්න කැමති කොහොමද කියල .එතනදි අහන්නෙ ඒ අය එවන කෝඩ් එක ෆෝන් එකට sms විදියට ගන්න කැමතිද කියල හරි ෆෝන් එකට ගන්න පුලුවන් ඇප් එකකින් කිව් ආර් කෝඩ් එක ස්කෑන් කරල යන්න කැමතිද කියන එක


එතනදි මම නිර්දේශ කරන්නෙ sms විදියට ෆෝන් එකට ගන්න එක. එතනින් එන අලුත් ෆෝම් එකේ ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙන්න. ඒක දෙද්දි මුල් 0 නැතුව දෙන්න .ඒ කියන්නෙ 71 xxxxxxxx විදියට
ඊට පස්සෙ ඊලග පියවරට කලින් රෙඩි කරගත්ත දේවල් අවශ්‍ය වෙනව 


ඒ සෙට් එක අරගෙන මෙන්න මේ පියවර ටික හරියට කරන්න 


  • හොද පැහැදිලි තැනක ඩ්‍රයිවින් ලයිසන් එක තියල දෙපැත්තෙම ෆොටෝ වෙන වෙනම ගන්න 

මෙන්න මේ වගේ 
\


  • ඊට පස්සෙ අර උදව් කාරයාට එන්න කියල ඔයාගෙ ඩ්‍රයිවින් ලයිසන් එකයි ඔයාවයි පේන විදියට ෆොටෝ එකක් ගන්න මෙන්න මේ වගේ 



  • ඔන්න අන්තිම පොටෝ එක විදියට ඔයාගෙ බිලක් අරගෙන ඒකෙ පොටෝ එකක් ගහන්න විස්තර පැහැදිලිව පේන විදියට මෙන්න මේ වගේ 



ඔන්න පොටෝ වල වැඩ ඉවරයි 



දැන් ඔය පොටෝ ට්ක කම්පියුටරේට දාගන්න ඊට පස්සෙ අර අපේ ගිනුමට ලොග් වෙලා දකුණු අත පැත්තෙ ඔයාගෙ යූස නේම් එක උඩ ක්ලික් කරන්න (යූසර් නේම් එක ඇත්තෙ up12345 වගේ එකක් )

 ඒක ක්ලික් කරාම පහලට මෙනූ එකක් වගේ එකක් එනව ඒකෙ 4 වෙනියට තියෙන වෙරිෆිකේශන් ක්ලික් කරල එන පේජ් එකේ ස්ටාර්ට් වෙරිෆිකේශන් කියන එක ක්ලික් කරන්න 
ඔන්න එනව තව ෆෝම් එකක් ෆිල් කරන්න ඒකෙදි අනික් හිස්තැන් වලට ඇත්තම තොරතුරු දීල ඔයා තෝරන්න ඔයා යූස් කරන්නෙ පාස්පෝට් එකද ඩ්‍රයිවින් ලයිශන් එකද කියල 

ඊට පස්සෙ අර පොටෝ අප්ලෝඩ් කරන්න ඕනෙ පේජ් එක එනව එකෙ අහල තියෙන පිලිවෙලට පොටෝ ටික අප් ලෝඩ් කරන්න 

ඊට පස්සෙ අහනව ඔයාගෙ පෞද්ගලික තොරතුරු ගැන .ඒකට ඇත්තම ඒව දෙන්න එතනදි ඔයාගෙ සිප් කෝඩ් එක දන්නෙ නැත්තම් මෙතනට යන්න ලංකා තැපැල් සංකේත

ඔක්කොම ෆිල් කරල ඉස්සරහට යන්න මොකුත් අවුලක් වෙලා නැත්තන් ඔයාගෙ ගිණුම තහවුරු කරා කියල ටික වෙලාවකින් පෙන්නයි`ඔන්න ඊට පස්සෙ පටන් ගන්න තියෙන්නෙ මේකට අපෙ කාඩ් එක ලිංක් කරල එක 


මේකට යන්න කලින් දැනගන්න දේවල් තියෙනවා 

{{{{ රාජ්‍ය බැංකු (NSB, BOC, People's Bank) එකකවත් මම දන්න තරමින් අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ ඩෙබිට් කාඩ් දෙන්නේ නෑ. හැබැයි ක්‍රෙඩිට් කාඩ් වලට නම් මේ කියන දේ අදාල නෑ. ඕනම බැංකුවක ක්‍රෙඩිට් කාඩ් එකක් මේකට ගැළපෙනවා. 

ගොඩක් පෞද්ගලික බැංකු වල නම් අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ ඩෙබිට් කාඩ් දෙනවා. HNB, Commercial ඒ අතරින් විශේෂයි. මොකද මේ e-Money ක්ෂේත්‍රයෙදි ඒ බැංකු ලංකාවෙ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය නිසා. 

ඒ නිසා ඔයත් e-Money වලට බහින්න හිතන් ඉන්නව නම් HNB, Commercial වගේ බැංකුවක ගිණුමක් හදා ගන්න. ඩෙබිට් කාඩ් එකත් ගන්න. අළුත් ගිණුමක් හදනකොට කාඩ් එක එවලෙම දෙනවා. පරණ ගිණුමක නම් ඩෙබිට් කාඩ් එක ගන්න සති දෙකක් වත් යනවා. HNB වලටත් වඩා Commercial බැංකුවේ ගිණුමක් හදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. 
දැන් වෙන බැංකුවල ගිණුම් තියෙන, ඒ වගේම ඩෙබිට් කාඩ් තියෙන අය ඒක තියෙද්දි අළුත් ඒවා හදන්න ඕන නෑ. ඩෙබිට් කාඩ් එකේ ප්‍රින්ට් කරලා තියෙනවා පාරිභෝගික සේවා අංකයක්. ඒකට කතා කරලා තමන්ගේ ඩෙබිට් කාඩ් එක අන්තර්ජාල ගනුදෙනු (internet transactions) වලට support කරනවද නැද්ද කියලා අහලා දැනගන්න. එහෙම support කරන්නෙ නැත්නම් විතරක් කළින් කිව්ව බැංකුවක ගිණුමක් හදා ගන්න. 

එහෙම අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් ඩෙබිට් කාඩ් එකක් තියෙන බැංකු ගිණුමක් හදා ගත්තට මදි. සාමාන්‍යයෙන් ඒ ඩෙබිට් කාඩ් වල වුණත් අන්තර්ජාල ගනුදෙනු පහසුකම අක්‍රිය කරලයි එන්නේ. ඒ නිසා ඩෙබිට් කාඩ් එකට අදාළ බැංකුවේ පාරිභෝගික සේවා අංකයට කතා කරලා අන්තර්ජාල ගනුදෙනු (internet transactions) active කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරන්න ඕනේ. ඉන් පස්සේ එවලෙම ඒ පහසුකම සක්‍රිය කරගන්න පුළුවන්. 

තව දෙයක්. සම්පත් බැංකුවේ ඩෙබිට් කාඩ් එකෙන් අන්තර්ජාල ගනුදෙනු කරන්න බැරි වුණාට එයාලා අන්තර්ජාල ගනුදෙනු වලටම Web Card කියලා වෙනම කාඩ් එකක් දෙනවා. රීලෝඩ් දානවා වගේ ඒකට සල්ලි දාලා අපිට අන්තර්ජාලයෙදි වියදම් කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් පුළුවන් වියදම් කරන්න විතරයි. සල්ලි ආපහු ගන්න බෑ. RevShare වැඩේට නම් ඒක ගැළපෙනවා. කැමති කෙනෙකුට සම්පත් බැංකුවේ ගිණුමක් නොතිබුණත් එයින් කාඩ් එකක් ගන්න පුළුවන්   


හරි දැන් අපි card එක add කරන්න පටන් ගමු. මුලින්ම CEX ගිණුමට log වෙලා උඩ menu එකෙන් CARDS තෝරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)



දැන් කෙළින්ම card එකේ විස්තර ඉල්ලන page එකක් එනවා. ඒක card එකේ විස්තර දීලා හරියට පුරවන්න. පුරවලා 
Proceed ක්ලික් කරන්න. (ගොඩක් cards වල නම print කරලා නෑ. ඒ වගේ වෙලාවට verify කරන්න දුන්න driving license එකේ හරි passport එකේ හරි තියෙන විදිහට මුල් අකුරු එක්ක නම දෙන්න.)

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ආයෙත් photos ටිකක් upload කරන්න එනවා. අර කලින් account එක verify කරනකොට කියපු කොන්දේසි ටික මෙතනටත් අදාළයි.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

මුලින්ම ඉල්ලන්නෙ selfie with your payment card කියන එක. ඒකට තමන්ගෙ card එකේ අංක තියෙන පැත්ත ඉස්සරහට අල්ලගෙන මූණත් සම්පූර්ණයෙන් පැහැදිලිව පේන විදිහට selfie එකක් ගන්න ඕනේ. (අංක පෙනුනා කියලා බය වෙන්න එපා. අපේ පෞද්ගලිකත්වය එයාලා ආරක්ෂා කරනවා.) කලින් කිව්වා වගේම මේකෙදිත් card එකේ කොන් සේරම කැපෙන්නෙ නැතුව තියෙන්න ඕනේ. ඒ වගේම විස්තර පැහැදිලිව පේන්න ඕනේ. card එක නිසා මූණ වැහෙන්නත් බෑ. මූණ සම්පූර්ණයෙන් පේන්නත් ඕනේ.

කලින් වගේම මේකත් තමන්ට ගන්න අමාරුයි නම් වෙන කෙනෙකුට කියලා ගන්න. කොහොමද photo එක තියෙන්න ඕනේ කියන එක මේ උදාහරණයෙන් බලාගන්න පුළුවන්. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

(කොමර්ෂල් බැංකුවේ card එක ටිකක් අඳුරු නිසා අංක හරියට පේන්නෙ නෑ කොච්චර හොඳ කැමරාවකින් ගත්තත්. ඒ නිසා ඉස්සරහින් light එකක් card එකට අල්ලන්න කියලා photo එක ගන්නව නම් වඩාත් හොඳයි. නැත්නම් හොඳට එළිය එන තැනක ඉඳලා photo එක ගන්න.)

ඊළඟට ඉල්ලන්නේ payment card next to your ID කියන එක. ඒකට කලින් account එක verify කරනකොට දුන්න driving license එක හරි passport එක හරි එක්ක credit හෝ debit card එක (ඉස්සරහ පැත්ත), එක ළඟ තියලා photo එකක් ගන්න ඕනේ.

මේකෙදි cards දෙකම සුදු කොළයක් උඩ තියලා පැහැදිලිව ඒවයෙ විස්තර පේන විදිහට වගේම කොන් සේරම කැපෙන්නෙ නැති විදිහට photo එක ගන්න ඕනේ. බොඳ වෙන්නත් බෑ. (මේකෙදි වෙන වෙනම cards දෙකේ photos ගන්න එපා. එක ළඟ තියලා තනි photo එකක් ගන්න.) 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ඔය ගත්ත photos දෙකත් පිළිවෙළට upload කරලා ආයෙත් Proceed ක්ලික් කරන්න.

දැන් card එකේ CVV code එක ඉල්ලනවා. ඒකට කාඩ් එකේ අත්සන තියෙන පැත්තේ අත්සනට දකුණු පැත්තෙන් තියෙන ඉලක්කම් තුන දෙන්න. (computer එකකින් කරනවා නම් සමහර විට numlock keypad එකෙන් ටයිප් කරන්න බැරිවෙයි. එහෙම වුණොත් ඉංග්‍රීසි අකුරුවලට උඩින් තියෙන keys ටික පාවිච්චි කරන්න.)

අන්තිමට ආයෙත් Proceed ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟට එන්නේ මේ විදිහේ page එකක්. මෙතනදි CEX එකෙන් අපේ card එකෙන් ඩොලර් 0.01 ත් 0.99 ත් අතර ගාණක් කපා ගන්නවා. (ඒක එවලෙම ආපහු ගෙවනවා.) ඒ කපා ගත්ත ගාණ කීයක්ද කියලා අපෙන් අහනවා. එහෙම අහන්නෙ card එක අපේම කියලා තහවුරු කරගන්න ඕන නිසා. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ඔයා ඔයාගෙ බැංකුවෙන් එන SMS alerts on කරගෙන ඉන්න කෙනෙක් නම් ලේසියෙන්ම මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් card එකේ තියෙන hotline number එකට කතා කරලා ගන්න වෙනවා. (Payoneer වගේ online wallet එකක card එකකදි නම් account එකට log වුණාම කැපුණ ගාණ ලේසියෙන්ම බලාගන්න පුළුවන්.)

ඒත්, 

මම නම් කියන්නේ ලංකාවෙ බැංකු ගිණුමක card එකක් නම් අනිවාර්යෙන්ම card එකේ තියෙන hotline එකට කතා කරන්න. කතා කරලා කියන්න, "මම CEX.io කියන website එකට payment එකක් කළා. ඒකෙදි කැපුණ ගාණ දැනගන්න ඕනේ." කියලා.

ඉන් පස්සෙ එයාලා ඔයාගේ සම්පූර්ණ නම, උපන් දිනය වගේ විස්තර ටිකක් අහලා ඔයාගෙ අනන්‍යතාව තහවුරු කරගෙන කැපුණ ගාණ ඩොලර් මෙච්චරයි කියලා කියයි. 


ඉන් පස්සෙ ඔයා අහන්න "මට ඒ transaction එකේ ඉලක්කම් 06 ක transaction code එකක් ඇති, ඒක ගන්න පුළුවන්ද?" කියලා. සමහරවිට එයාල කෙළින්ම එ්ක දෙයි. නැත්නම් සල්ලි ආපහු refund වෙලා නිසා දෙන්න බෑ කියයි. එහෙම කිව්වොත් "ඒ payment එකට අදාළව මොකක්හරි ඉලක්කම් හෝ අකුරු 06 ක code එකක් අනිවාර්යෙන් ඇති. මට ඒක දෙන්න." කියන්න.

ඒත් එහෙම එකක් නෑ කිව්වොත් "එහෙම එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ, මේ card එකෙන්ම මේ වෙබ්සයිට් එකටම සල්ලි දාලා refund ආපු අයට එහෙම code එකක් ආවා නම්, website එකෙන් එහෙම එකක් එව්වා කියලත් කියනවා නම් නැති වෙන්නේ කොහොමද?" කියලා අහන්න. එතකොට නම් අනිවාර්යෙන් දෙන්නම ඕනේ. 😂


(ඒත් බෑ කියලා ගේම ම ඉල්ලනවා නම් ඔයාව ඉහළ නිළධාරියෙකුට සම්බන්ධ කරන්න කියලා එයාට විස්තරේ කියන්න. කොහොමහරි ඒ ඉලක්කම් 06 ක code එක අරගෙන ලියලා තියාගන්න. ඉස්සරහට ඒක අනිවාර්යෙන් ඕන වෙනවා.) 

දැන් අර කැපුණ ගාණ ගැනනේ අපි කතා කර කර හිටියේ. අර code එක ලියලා තියාගත්තා නම් ඒක පොඩ්ඩක් පැත්තකට කරලා කැපුණ ගාණ හරියටම ටයිප් කරලා ආයෙත් Proceed ක්ලික් කරන්න.

දැන් මෙහෙම page එකක් එයි. ආයෙත් කරන්න තියෙන්නේ E-mail එකක් එනකන් පැයක් දෙකක් බලන් ඉන්න එක තමයි. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

(upload කරපු photos වල හරි දුන්න තොරතුරු වල හරි වැරැද්දක් තියෙනවා නම් ඒ වැරැද්ද කියලා E-mail එකක් එනවා. එතකොට ඒ වැරැද්ද නිවැරදි කරලා ආයෙත් submit කරන්න.) 

අර upload කරපු photos එහෙම හරියට තියෙනවා නම්, ටික වෙලාවකින් E-mail එකක් එයි මෙහෙම. දැන් තමයි අර බැංකුවේ customer support එකත් එක්ක කරපු සංවාදයේ වටිනාකම තේරෙන්නේ. CEX එකට කලින් කරපු payment එකේ Authorization Code කියලා එකක් ඉල්ලනවා. 

දැන් ඉතින් අර ඉල්ලගත්තු අකුරු හෝ ඉලක්කම් 06 ක code එක ඒ E-mail එකටම reply කරන්න. තවත් පැයක් විතර ගියාට පස්සෙ තව E-mail එකක් එයි card verification එකත් complete වුණා කියලා.

මේ විදිහට එක card එකක් නෙවෙයි cards කිහිපයක්ම වුණත් අපිට අපේ ගිණුමට add කරලා verify කරගන්න පුළුවන්. }}}}



මේ වරහන් ඇතුලෙ දාල තියෙන කොටස මම උපුට ගත්තෙ අපේ සත්සයුර සයිට් එක කරන සහෝදරයගෙ ලිපියකින් මොකද මේ කාඩ් එක හදන හැටි ගැන මේ අවුරුද්දෙම දාපු සින්හල ලිපි වීඩියෝ ගොඩක් තියෙනව ඒ නිසා මම ඒකම ආයෙ ටයිප් කරන එක තේරුමක් නෑ ඔයාලට ඒ ලිපිය කියවන්න ඕනෙනම් මෙතනින් යන්න සත්සයුර
තේරුනා මදි වගේ නම් ඉශංක අයියගෙ වීඩියෝ එක තියෙනව මෙතනින් යන්න 


ඔන්න එහෙනම් මූලික ලිපි ටික ඉවරයි මෙතනින් පස්සෙ තමා අපි සල්ලි හොයන්න යන්නෙ ඒ කියන්නෙ 4  වෙනි ලිපිය එන්නෙ ඇඩ් ක්ලික් ගැන. මේ අවුරුද්දෙ ඒකට හොදම සයිට් මොනවද ,කොච්චර හොයන්න පුලුවන්ද .කොහොමද කරන්නෙ කියන එක ගැන ලොකු ලිපියක් දාන්න බලාපොරොත්තු වෙනවා 


අම්මෝ ඇති යන්තන් ලිපිය ඉවර කරා .පැයක් තිස්සෙ මේකෙ .අත ගැලවෙන්න වගේ ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නෙ ලිපිය බලන ගමන් ඔයාගෙ අදහස අපිට කියන්න .මොකද ඒක අනුව තමා අපිට ඉස්සරහට එන්න පුලුවන් .මොනවද හොද මොනවද නරක කියල අපිට කියන්න , 

ඇත්තටම ආයෙ සැරයක් ස්තූති කරනව කලින් ලිපිය බලපු අයට වීව් 100 පන්නන්න උදව් කලාට .පොඩි ශෙයා පාරක් ඔහොමම දාන්න එතකොට ඔයාලගෙ යාලුවොන්ටත් මේක බලන්න පුලුවන් 
එහෙනම් අලුත් ලිපියකින් හමුවෙනකම් තරගකාරී ලෝකෙ එක්ක තරග කරන්න ඔයාල ෆුල් අප්ඩේට් වෙලා ඉන්න 


ලිපිය ලිව්වෙ --- PRINCE ADITHA

No comments: