ඔන්න පොරොන්දු වුනා වගේ අද දාන්න යන්නෙ මූලික ඇරබීමක් .ඉතින් මම මෙතනදි පැහදිලි කරන්න යන්නෙ නෑ ඇත්තටම ඊ මනී හොයන්න පුලුවන්ද වගේ ආදි කාලීන් ප්‍රශ්න. අද කියන්න යන්නෙ මොනාද මේ ඊ මනී ,කොහොමද ඒව හොයන්නෙ වගේ සරල කාරනා කීපයක් .
හරි එහෙනම් අපි පටන් ගමු !!!!!
අපි සාමාන්‍ය ජොබ් එකක් කරාට පස්සෙ අපිට පඩියක් ලැබෙනවනෙ .අන්න ඒ ජොබ් එක ඔෆිස් රූම් එකෙන් එලියට ගෙනල්ල ඔයාගෙ ගෙදරට ගෙනල්ල දෙන සංකල්පයක් තමා ඊ මනී කියන්නෙ .කවුරු මොනව කිව්වත් කිසිම තැනක නිකන් සල්ලි දෙන්නෙ නෑ (මොලේ අමාරු කාරයෙක් ඇරුනු කොට).
සරලවම කිව්වොත් ඇඩ් ක්ලික් කරන එක පවා එක්තරා විදියක ජොබ් එකක් .අපි ආයතනයෙන් දෙන ඇඩ් බලනවට ඒ අය ආයතනයෙ ප්‍රචාරන වියදමින් කොටසක් අපිට දෙනව .නැත්තන් අපේ දැනුම ,දක්ශතාව විකුනන්න වෙනව සල්ලි හොයන්න .අන්න ඒ විදියට මොනා හරි ක්‍රමයක් භාවිතා කරල අන්තර්ජාලය හරහා උපයන සල්ලි තමා ඊ මනී කියන්නෙ
මේක මූලිකවම කොටස් 2 කට බෙදෙනව .
- සේවා සැපයීමෙන් මුදලක් ඉපයීම
- ආයෝජන මුදලක් යෙදීමෙන් ලාභ ඉපයීම
සාමාන්යෙන් වෙන්න ඕනෙ විදියටම සේවා සැපයීමෙන් ලාභ ලබන්න හොද දැනුමක් ,දක්ශතාවක්, භාශා කුසලතාවක් තියෙන්න ඕනෙ.එහෙම ඕනෙ නැති සේවාවලුත් තියෙනව හැබැයි සෑහෙන්න කාලයක් යනකම් ඒවායෙන් හිතන තරම් ප්‍රතිපල ගන්න බෑ
සාමාන්යෙන් මේ සේවා කියන එක කොටස් කීපයකට බෙදෙනව
- ආයතනයක ප්රචාරනයට උදව් දෙන එක
- පුද්ගලයෙකුට සේවා සැපයුමක් කරන එක
- තමන්ගෙ ස්ව නිර්මාණ විකුණන එක
- අතරමැදියෙක් ලවා තමන්ගෙ ගනුදෙනුකරුව හොයා ගන්න එක-- ඒකට තමා ඔය ෆයිවර් වගේ සයිට් තියෙන්නෙ
- තමන් සෝශල් මීඩියා හරහා හරි වෙනත් ක්‍රම මගින් හරි බ්‍රෑන්ඩ් නේම් එකයි ප්‍රොඩක්ට් එකයි ප්‍රසිද්ද කරල ගනුදෙනුකරුවාව කෙලින්ම සම්බන්ද කරගන්න එක )
ඔන්න ඊට පස්සෙ එනව අයෝජනයක් කරල ලාභ ලබන සිස්ටම් එක මෙතනදි ලංකාවෙ මේක ටිකක් පටන් ගන්න අමාරුයි හැබැයි පටන් ගත්තට පස්සෙ ලාභ ලබන එක ගේමක් නෑ මේක මොන වගේද කියන එක පැහැදිලි නැති අයට කියන්නෙ නිකන් මවා ගන්නකො අශ්ව රේස් වලට ඔට්ටු දාන සීන් එකක්.මේකත් ටිකක් ඒ වගේ තමා.ඒ උනාට මේතනදි විද්‍යානුකූලව දත්ත විශ්ලේෂණය කරල තමා ඔට්ටුව දාන්නෙ ඒ නිසා පාඩු ලබන්න තියෙන හැකියාව මාරම අඩුයි.උදාහරන නම් ගොඩක් තියෙනව ඒත දැනට ලන්කාවෙ නැගල යන
ආයෝජන තමා පල්ලෙහ කියල තියෙන්නෙ
- IQ OPTION -- මේකනම් ශෙයා මාකට් එකට සම්බන්ද සිස්ටම් එකක්. එතනදි වෙන්නෙ අපි අපි ගාව තියෙන දත්ත විස්ලේශනය කරල අපි කැමති ආයතනයක කොටස් සල්ලිවලට ගන්නව ඒ ආයතනය දියුනු තත්වෙකට එනව කියන්නෙ ඒ කොටසක් වටිනාකමත් වැඩි වෙනව .අපි ගත්ත මුදලට වඩා එක කොටසක් මිල ඉහල ගියාම ඒ කොටස විකුනල දාලා අලුත් ආයතනේක කොටස් ගන්නත් පුලුවන් ඒකට කැමති නැත්තන් ඒ කොටස් රදවාගෙ ඉන්නත් පුලුවන් එතකොට ඒ ආයතනය ලබන ලාභයෙන් අපෙ කොටස් ගානට හිමි මුදල අපිට ලැබෙනව ආයතනයක් දියුනු වෙනව කියන එක කල් ගත වෙන වැඩක් වගේ පෙනුනත් මේක හැම තත්පරේකදිම වෙනස් වෙනව .ඒ වගේම මතක් කරන්න ඕනෙ ආයතන දියුනු වෙනව වගේම කඩා වැටෙන්නත් පුලුවන් කියල
- CRYPTOCURRENCY -- මේක ඇවිල්ල සල්ලි ,සල්ලි වලට ගන්න සිස්ටම් එකක් .ඇහුවමත් නිකන් පිස්සු වගේ නේද නෑ ඒක තමා ඇත්ත . නිකමට හිතන්නකො මම අවුරුදු 5කට විතර කලින් ඩොලර් 100 අරන් පරිස්සමට මේ වෙනකම් තියන් හිටිය .මම ඒ දවස් වල 1 ඩොලර් එකක් ගත්තෙ රු 100 කියල හිතන්න .දැන් මේ වෙද්දි ඩොලර් 1ක වටිනාකම රු 153ක් නම් මම ඒව දැන් විකිනුවනම්
එතකොට මම වියදම් කරපු ගාන ---- රු 100 * 100$ = රු 10000
මට ලැබුනු ගාන ---- රු 153 *100$ = රු 15300
මගේ ලාභය ----- රු 5300
කෝමද නේ !!! සල්ලිත් මුලු කාලෙ පුරාවටම මගෙ ගාව තිබ්බෙ ඒ නිසා ආරක්ශාව ගැනත් බයක් නෑ බාගෙකට වැඩි ගානෙක ලාභෙකුත් ලැබිල
ඔන්න ඔය සිස්ටම් එක, ඔය වගේ දහස් ගුනයක් විතර විශාලව තත්පරෙන් තත්පරේ වෙනස් වෙන සිස්ටම් එකක් විදියට හිතන්න. හරියට සෙට් උනොත් උපයන්න පුලුවන් මුදල අසීමාන්තිකයි
අන්න ඒ සිස්ටම් එක තමා ක්රිප්ටොකරන්සි කියන්නෙ ඒ වගේම උඩ සිස්ටම් එක වගේ නෙවෙයි රු 5000 දාල උනත් වැඩි ලාබයක් ගන්න පුලුවන්
මෙතන්දි වෙන්නෙ අන්තර්ජාලයේ ට්‍රාන්ස්ෆර් වෙන මුදල් ඒකක වල වටිනාකමට ඔට්ටු දානව වගේ වැඩක් ඒ වගේ ඒකක තමා
බිට්කොයින් -1 bitcoin =5500$
එතීරියම් - 1 ethereum = 340$
වගේ ඒවා . මේ හැම එකක්ම ඩොලරෙකටත් වඩා අඩු මුදලකින් පටන් අරන් අවුරුදු කීපෙකින් වැඩිඋන, තාමත් වැඩි වෙන ඒවා. වගේම බොහොම පොඩි ගනන් වලටත් තව කොයින් වර්ග සිය ගානක් තියෙනව ඒ කොයින් මෙච්චර කල් වත් යන්නෙ නෑ වැඩි වෙන්න
ඔන්න ඔය මූලික ක්‍රම ටික යටතේ තමා මම දන්න විදියට අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් දැනට ලංකාවෙ ඉන්න සෑහෙන පිරිසක් මේකෙ යෙදිල ඉන්නව ඔයත් මේ මොකක් හරි ක්‍රමේකට සල්ලි හොයනවනම්,නැත්තම් පටන්ගන්න නම් හදන්නෙ, මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න කරන ක්‍රමේ හරියටම දැනගන්න
අප්පෙ!!! අදට මේ ඇති නේ ටයිප් කරලම අත ඉවරයි .අකුරු වැරදි අරව මේව ඇති. ඒව ගනන් ගන්න එපා මම තාම අලුත්නෙ .ඉතින් කලින් කිව්ව වගේ ඔයාලගෙ කමෙන්ට් එකෙන් තමා මම දැන ගන්නෙ මොනවද දාන්න ඕනෙ .ඔය කට්ටියට තියෙන ගැටලු මොනවද කියල ඉතින් ඔය පහල කමෙන්ට් සෙක්ශන් එකේ කමෙන්ට් එක දාගෙන යන්න .නිකන්ම කමෙන්ට් එක ටයිප් කරල එන්ටර් කරන්න විතරයි තියෙන්නෙ .අද රෑට හරි හෙට හරි අලුත් ලිපිය දානව .මම හිතන් ඉන්නෙ ඔන්ලයින් ගනුදෙනු වලට අවශ්‍ය කාඩ් ගැන හදා ගන්න හැටි ගැන ලිපියක් දාන්න
ලිපිය ලිව්වෙ ---- PRINCE ADITHA
No comments:
Post a Comment