හරි ඔන්න එහෙනම් කියපු විදියටම අලුත් ලිපියක් දාන්න යන්නෙ .මේකෙදි මම අදහස් කරන්නෙ කලින් ලිපියෙ කියල තියෙන ඊ මනී ක්‍රම භාවිතා කරල හොයන සල්ලි හරි නැත්තන් ආයෝජනයක් විදියට දාන්න යන සල්ලි අදාල සයිට් එකට දාගන්න විදිය
සල්ලි කොහොම හෙව්වත් ඒක දාගන්න තැනක් එපැයි .සාමාන්යෙන් මේ ඊ මනී දෙන හැම සයිට් එකකම තියෙන සමාන කමක් තමයි ඒ හැම එකකදිම තමන්ගෙ ගිනුමක් විවෘත කලාට පස්සෙ පවුද්ගලික වොලට් එකක් නැත්තන් ඒ සයිට් එකෙන් හොයන මුදල් තියාගන්න තැනක් ඒ සයිට් එකේම හදල තියෙනව මේවා අදාල සයිට් එක අනුව එක එක නීති රෙගුලාසි මත පදනම් වෙලා තියෙනව .
මෙතනින් තමා කේස් එක පටන් ගන්නෙ .අපි ලංකාව ගැන ලොකු ඔලුවෙන් කියෙව්වට මේ සයිට් හදල තියෙන බහුතරයක් යුරෝපීය රටවල් වලට අනුව අපි තුන්වෙනි ලෝකෙ රටක් .ඒ අයට අනුව තුන්වෙනිලෝකෙ රටවල තියෙන දිලිදු භාවය නිසා මේ අය නිතරම හොර මගඩි නැත්තන් වංචා කරන්න පුරුදු වෙලා තියෙනව උදාහරනයක් විදියට මෘදුකාංග අනවසරයෙන් පූර්න හිමිකම් සහිතව භාවිතා කිරීම වගේ දේවල් පෙන්නල දෙන්න (ඔය සෑහෙන්න දික් කරල කියල තියෙන්නෙ ක්‍රැක් ,පැච් වගේ ඒව ගැන ) පුලුවන්
ඒ නිසා මේ අය අපි වගේ රටවල් වල අයත් එක්ක ගනුදෙනු වලට එච්චර කැමති නෑ .
ඔන්න ඔය ගැටලුව නිසා අපේ රටේ බැන්කුවලින් නිකුත් කරන කාඩ් බහුතරයක් ඔය සයි වලට වලංගු නෑ වලංගු වෙන ඒවගෙත් විශාල කාල ප්‍රමාදයක් එක්ක තමා මුදල හුවමාරු වෙන්නෙ කාල ප්‍රමාදය කෙසේ වෙතත් ඒවගේ එකක් රෙජිස්ටර් කරන්නම සෑහෙන්න වෙලා බලන් ඉන්න වෙනව.
ඔන්න ඔතනදි අපේ පිහිටට එනව ඔන්ලයින් බැංකු ගිනුම් ලබා දෙන PayPal, Moneybooker,"Payza" වගේ ආයතන .මේවගෙන් සමහර ආයතන මගින් අපිට අවශ්‍ය නම් මාස්ටර් වර්ගයේ කාඩ් පතක් පවා නිකුත් කරනවා
මම මෙතන කියන්න යන්නෑ මේ හැම කාඩ් එකක්ම හදාගන්න හැටි. මූලිකවම මම කියල දෙන්නෙ කොහොමද පේපැල් එකවුන්ට් ලංකාවෙන් සල්ලි දාන්න වගේම ගන්නත් පුලුවන් වෙන විදියට හදා ගන්නෙ කියල මේක ගැන ලොකු ලොකු කතා නෙට් එකේ සිංහලෙන්ම තියෙනව . ඒත් මේක හරිම සරල වැඩක් මෙතනදි කරන්නෙ අපේ රටේ පේපැල් වලංගු නැති නිසා රට වෙනුවට පේපැල් වලංගු රටවල් වල ඩීටේල් වගයක් දානවා
හරි එහෙනම් අපි යමු පියවර ටිකට!!!
- මුලින්ම පේපැල් සයිට් එකට යන්න ----www.paypal.com
- පස්සෙ එතන දකුණු ඉහල කෙලවරේ තියෙන සයින් අප් එක ක්ලික් කරන්න
- එතකොට පොඩි ෆෝම් එකක් එනව අපිට ෆිල් කරන්න .ඔන්න එතනදි අපේ 1 හොර වැඩේ පටන්ගන්නව එතනදි අපේ රට් මොකක්ද අහන තැන අපි ලංකාව වෙනුවට පේපැල් වලංගු වෙන මැලේසියාව,නැත්තන් පිලිපීනියාව වගේ රටක් තෝරල දෙන්න
ඒ ෆෝම් එකේ ඉතිරි හිස්තැන් පුරවද්දි මතක තියාගන්න ඔයාගෙ දැනට භාවිතා වෙන වලංගු දත්ත ලබා දෙන්න
4.ඊට පස්සෙ පහල කන්ටිනිව් බටන් එක ක්ලික් කරල ඉස්සරහට යන්න
5. ඊට පස්සෙ එන අලුත් පේජ් එකේ අලුත් ෆෝම් එකක් ඇති ඒකෙ මුල් හිස්තැන් වලට ඔයා කැමති විදියට දත්ත ලබා දෙන්න
ඔන්න ඒකෙ යට කොටසට එද්දි අපේ 2 හොර වැඩේ පටන් ගන්නව
මෙ කොටස් වලදි ඔයාගෙන් අහනවා
- ඔයාගෙ පලාතෙ සිප් කෝඩ් එක
- ඔයාගෙ පලාත්
- ෆෝන් නම්බර් එකක්
ඕකට තියෙන්නෙ හරි සරල වැඩක් ඔයා ඉන්න බ්‍රවුසර් එකේම අලුත් ටැබ් එකක් ඔපන් කරල ඒකෙ සර්ච් පාරක් දාගන්න " ඔයා කලින් තෝරගත්ත රටේ නම දාල සිප් කෝඩ් හරි සිප් ඩිරෙක්ටරි හරි කියල"
එතනින් එන රිසාල්ට් වලට ගිහින් ඒ රටේ කැමති පලාතකුයි ,ඒකෙ සිප් කෝඩ් එකයි අරගෙන ෆෝම් එකට කොපි පේස්ට් කරගන්න
ඊලගට තියෙන වැඩේ තමා ෆෝන් නම්බර් එකක් හොයාගන්න හැටි ඒකටත් කලින් පියවරේ වගේම ගූගල් සර්ච් පාරක් දාන්න "රටේ නමත් එක්ක ෆෝන් නම්බර් කියල "එන රිසාල්ට් වලට ගිහින් නම්බර් එකක් කොපි පේස්ට් කරගන්න
6. ඊට පස්සෙ ෆෝම් එකේ ඉතුරු ටික සාමාන්‍ය විදියට ෆිල් කරල ඉවර කරන්න
දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති, යකෝ මම බොරු තොරතුරු දුන්නම කොහොමද ඒක වලංගු ගිණුමක් වෙන්නෙ කියල .ඒක පැහැදිලි කරන එක හරි ලේසී.
මෙතනදි ඔයා දෙන දත්ත වැදගත් වෙන්නෙ ඔයාගෙ පේපැල් ගිණුම හොරු ඉස්සුවොත් හරි ඔයාට වෙන කම්ප්ලේන් එකක් දාන්න හරි ඕනෙ උනොත් විතරයි (ඒ වගේ වෙන්නෙ ඉතින් කණ කැස්බෑව විය සිදුරෙන් අහස බැලුව වගේ වැඩක් උනොත් විතරයි )
එහෙම තොරතුරු වැඩක් නැත්තන් මේක කොහොමද වැඩ කරන්නෙ ?? මේක වැඩ කරන්නෙ පියවර 3 සිස්ටම් එකකට
අපි ආයෝජනයක් කරනව කියල හිතමු එතකොට මේක වැඩ කරන්නෙ
මුදල් දාන ආයතනයේ ගිණුම ----> පේපැල් ගිණුම -----> මුදල් ලබාගන්න ආයතනයේ ගිනුම
ඔය මුදල් ලබාගන්න ආයතනය කියන්නෙ ඔය කට්ටිය ආයෝජනය කරන්න යන සයිට් එක
ඕක අනිත් පැත්තටත් ඔහොමමයි
දැන් ඔයාලට තව ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ මුදල් දාන ආයතනය කියන්නෙ කියල
ඕක ගැන කතා කරද්දි තමා මම අර මුලින් සදහන් කරපු 3 වෙනි ලෝකෙ රටවල අවුල බලපාන්නෙ.ලංකාවෙ බැංකුවකට ගිහින් ඊ මනී ගැන කියවද්දි ඒ අය බලන්නෙ අපි පිටසක්වලින් බැස්ස වගේ .
ඒ කියන්නෙ ලංකාවෙ ඊ මනී ට්‍රාන්ෆර් වලංගු බැන්කු ගිනුම් වර්ග හරි අඩුයි අඩුයි කියන්නෙ මම දන්න විදියට 3 තියෙන්නෙ.මම මේ 3 ගැනම කතා කරන්න යන්නෑ මම නිර්දේශ කරන්නෙ සම්පත් වෙබ් කාඩ් එක මොකද මම පාවිච්චි කරන්නෙත් ඒකනේ
මෙන්න මේ කාඩ් එක ගත්තට පස්සෙ (කියන තරම් ලේසි නෑ ඉල්ලුම් කරල සති 2 වත් බලන් ඉන්න වෙනව )
ඔය කට්ටියට පුලුවන් ඔයාලගෙ පේපැල් අකවුන්ට් එකට ගිහින් මේ කාඩ් එක ලින්ක් කරන්න ඊට පස්සෙ ඔයාගෙන් තහවුරු කරන දත්ත වගයක් ඉල්ලනව. ඒව ඇතුලත් කරල තහවුරු උනාට පස්සෙ සල්ලි දාන්න වගේම ගන්නත් පුලුවන් .
හරි එහෙනම් අදට ඇති නේ !!!! කියන්න සතුටුයි මගේ ඉල්ලීම පිලි අරන් සෑහෙන්න කට්ටිය ලිපි ටික කියවල තිබුන එක්කෙනෙක්වත් කමෙන්ට් නොදැම්මට දවස් 2න් වීව් 50 ත් පන්නල තිබ්බා .ඒක මාරම සතුටුයි ඔයාලට උඩ කියල තියෙන වැඩේ පහසු වෙන්න අපේ SL GEEK SHOW අයියගෙ වීඩියෝ ලින්ක් එකත් දන්නම් මෙතනින්ම පේපැල් 2017 සින්හල
ඒ වගේම ඔයාලගෙන් පොඩි උදව්වකුත් ඉල්ලන්න තියෙනව මම මේ බ්ලොග් වැඩේට අලුත් මට මේ සම්බන්ද යාලුවෝ අඩුයි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ ලිපියෙ ඉහල දකුනු කෙලවරේ තියෙන ශෙයා බට්න් එක ක්ලික් කරල ඔයාගෙ යාලුවොන්ටත් බලන්න පුලුවන් වෙන්න මේක ශෙයා කරන එක
ම්ම්ම් හරි එහෙනම් දැනට එච්චරයි අලුත් ලිපියක් අද රෑ හරි හෙට හරි දානවා එතනදි කියන්න යන්නෙ ආයෝජනයකදි ඔයාගෙ ලංකාවෙ ඇඩ්රස් එක දාලම අන්තර්ජාල ගිණුමක් හදාගන්න හැටි ගැන .
එහෙනම් හෙට හම්බුවෙමු !!!
අලුත් ලිපියෙන් හමුවෙනකම් තරගකාරි ලෝකෙත් එක්ක තරග වදින්න පුලුවන් තරන් අප්ඩේට් වෙන්න බලන්න
ලිපිය ලිව්වෙ ----- PRINCE ADITHA
1 comment:
Thank You ලිපියට. දෙයක් දැනගන්න ඕනා.
# සම්පත් වෙබ් කාර්ඩ් එක ලින්ක් කරහම paypal එකේ තියෙන සල්ලි කාඩ් එකට දාගන්න පුලුවන් ද?
# සම්පත් වෙබ් කාඩ් එකෙන් සාමාන්‍ය VISA කාඩ් එහෙකින් ATM එකෙන් සල්ලි ගන්නවා වගේ, සල්ලි ගන්න පුලුවන් ද?
Post a Comment