මේ මාසෙ 21 වෙනිද ඔයාට ෆ්රීද ?? ජීවිතේ පියවරක් ඉස්සරහට තියමුද ?? after A/L අයටත් අදාලයි !!! - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Wednesday, October 18, 2017

මේ මාසෙ 21 වෙනිද ඔයාට ෆ්රීද ?? ජීවිතේ පියවරක් ඉස්සරහට තියමුද ?? after A/L අයටත් අදාලයි !!!

by PRINCE ADITHA




මෙන්න මේකනම් සාමාන්‍ය ලිපි පෙළට අයිති නැති විශේශ ප්‍රවෘත්තියක් ඔයා අයෝජකයෙක් විදියට ශෙයා මාකට් එකට ජොයින් වෙන්න උත්සහ කරල තියෙනවද ?? දැනට ඊ මනී කරන කෙනෙක්නම් ගොඩක්ම මේ  පැත්තට එන්න ඇත්තෙ ඔන්ලයින් ශෙයා මාකට් එක ගැන හීන දැක දැක .


ඉතින් මෙන්න මේ චාන්ස් එක, ලංකාවෙ ව්‍යාපාර ක්ශේෂ්ත්‍රයට  එන්න ඉන්න අය තෝරගන්න හොදම කැම්පස් එකක්  වෙන ශ්‍රී ජයවර්ධනපුර කැම්පස් එකේදි අපි වගේ සාමාන්‍ය අයට ලබා දීල තියෙනව

මේක ඇත්තටම එක් දින වැඩමුලුවක් .ඒ නිසා ලොකු වෙලාවක් යන්නෙත් නෑ.උදේ ගිහින් හවස ආව ..
සමහර විට මේ ඔයාගෙ ජීවිතේ වෙනස් වෙන දවස වෙන්න පුලුවන් .

දැන් ඔය කට්ටිය බලනව ඇති  මේකා මොකද මෙච්චර මේක ගැන වර්ණනා කරන්නෙ කියල .තව කට්ටියක් බලනව ඇති මූත් මේකෙ සංවිදානයට උදව් දීල ගානක් කඩාගන්න යන්නෙ කියල

අපෝ නෑ මම මේක ගැන කියන්නෙ මගෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙනව මේකට යන්න ඒ කියන්නෙ යන්න උපරිම උත්සහයක් දරනව

මොකද ඊ මනී , ශෙයා මාකට්  සල්ලි හොයද්දි අපි ගාව තියෙන්න ඕනෙ විශේශම ගුණයක් තමා පුලුවන්තරම් අලුත් දත්ත එකතු කරගන්න පුලුවන් වෙන එක .ඔයා ලාභ උපයනවද නැද්ද කියන එක තීරනය වෙන්නෙ ඒ මත .

තව ප්‍රශ්නයක් එනව මේ වගේ දවසක් වැඩකින් ඔහොම කරන්න පුලුවන්ද .බොරු කියන්න ඕනෙ නෑනෙ මාත් ඒක හරියටම දන්නෙ නෑ .. ගිහිල්ලම තමා බලන්න වෙන්නෙ හැබැයි මෙහෙම කියන්න පුලුවන් මේකෙ දේශනය කරන්නෙ රජයේ විශ්ව විද්‍යාලෙක නිසා සාමාන්යෙන් වැදගත් යමක් තියෙයි 


මෙන්න ඒ අය ඒ අයගෙ ප්‍රෝග්‍රෑම් එක ගැන දාල තිබ්බ ලිපිය 

"Share Market එක කියන්නේ සල්ලි හොයන්න හොඳම තැනක්. ගොඩක් අය Share Market එකට එන්න කැමති උනත් යම් යම් හේතු නිසා ඒ දේ වෙන්නේ නැ
- ප්‍රමාණවත් දැනුමක් නොමැති වීම
- කාලය සීමිත වීම
- බය
සරලවම කියනවා නම් Share Market ගැන ප්‍රමාණවත් දැනුමක් තියනවා නම් ආයෝජනය ගැන බය වෙන්න හේතුවක් ඇත්තේ නෑ.
කාලය ගැන ප්‍රශ්නයට විසඳුම වෙන්නේ හොඳ කොටස් තැරැව්කාර ආයතනයක් (Share Broker) හරහා ආයෝජනය කරන එක.
අපි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය විදිහට, මේ හැමදේම ගැන ඔයාට සම්පූර්ණ අවබෝධයක් ලබා දෙන්න විශේෂ එක්දින වැඩමුළුවක් සූදානම් කරලා තියනවා ඔක්තෝබර් මාසේ 21 වන සෙනසුරාදා. Share Brokers ලා මුණගැහෙන්න අවස්ථාවත් ඔයාට හිමිවෙනවා.
රු. 1,500/= ක් වගේ සාධාරණ මුදලක් අපි අය කරනවා මේ වැඩමුළුවට. ඒකට හේතුව තමයි; ඔයාට උදේ, දවල්, හවස ආහාරපාන අපි විසින් ම ලබා දෙනවා. වැදගත්ම දේ තමයි වැඩසටහන ඉවර වුනාම ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයෙන් නිකුත් කරන වටිනා සහතිකයකුත් ඔයාට ලැබෙන එක.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර (Internal) සිසුන්ට විශේෂ වට්ටමක් හිමිවෙනවා කියලා අමතක කරන්න නම් එපා.
Online Register වෙන්න කැමතිනම් පහළ link එකේ තියන form එක fill කරන්න. අපි ඔයාට confirm කරලා massage එකක් එවන්නම්
මෙන්න ෆෝම් එක
එහෙම නැත්නම්, ආසන වෙන් කරගන්න / වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ numbers වලින් එකකට call එකක් දෙන්න පුළුවන්
ෂෙහාන් - 071 0 52 42 65 (Viber / Whatsapp)
යේෂානි - 077 92 95 908




ඒක ගැන දාපු පෝස්ටර් එක මෙන්න 





ඉතින් දවස සෙනසුරාදාවක් නිසා යන්න ට්‍රයි එකක් දෙන්න. මේක නිසා මම ඉස්සරහට ඔයාට කියල දෙන්න යන ඊ  ශෙයා මාකට් එක ගැන හොදට තේරේවි..A/L  කරල ගෙදර නම් ඉන්නෙ මේක මරු චාන්ස් එකක්. ඔයා ඉස්සරහට මොන ජොබ් එක කලත් ඔයාට ලැබෙන පඩිය සාර්ථකව ආයෝජනය කරන හැටි ඉගෙන ගන්න මරු ක්‍රමයක් 
එහෙමත් හිතෙන්නැත්තන් අඩුම තරමෙ ට්‍රිප් එකක් හරි කියල හිතල ගිහින් එන්න 


එහෙනම් ඔන්න නිව්ස් එක වෙලාවට දුන්න .යන නොයන එක ඔයාලගෙ තීරනයක් මම යනව එච්චරයි !!!!
හරි එහෙනම් අපේ සාමන්‍ය ලිපි පෙලේ 5 ලිපිය නැත්තන් අතේ තියෙන ෆෝන් එකෙන් ටිකක්  වැඩිපුර සල්ලි හොයන විදිය ගැන ලිපියෙන් හමුවෙමු 

එතකන් හැමදාම කියනව වගේ අලුත්ම තොරතුරු එක්ක අලුත් ලෝකෙත් එක්ක තරග වදින්න ඔයාලත් පුලුවන් තරම් අප්ඩේට් වෙන්න බලන්න !!



ලිපිය ලිව්වෙ --- PRINCE ADITHA

No comments: