සොරි සොරි !!! අලුත් ලිපිය දාන්න දවස් 3ක්ම ගියා ..
මේ දවස් වල මාර වැඩ තොගයක් තියෙන්නේ . ඉතින් ඒවත් එක්ක ලිපියක් දාන්න තියා ෆිල්ම් එකක් බලන්න වෙලාව හොයාගන්නෙත් මාර අමාරුවෙන් ...අපි පරන ලිපි ගැන මතක් කිරීමක් වශයෙන් ලින්ක් ටික පහල දානවා
7 ලිපිය -- ෆිල්ම් පිස්සෙක්ද ?? යාලුවොන්ට ලින්ක් බෙදා හැරීමේ නියෝජිතද ?? ඔය වැඩෙන් සල්ලි හොයමුද ??---
ඔන්න එකෙ ලින්ක් එක ඔයාලටත් දානවා .. ඔයාල මයික්‍රෝ වර්ක් ,ඔඩෙක්ස් වගේ ඒවා කරද්දි පොඩ්ඩක් උදව් වෙයි
හරි හරි විකාර ඇති අපි යන් අපේ ලිපියට !!
ඔයා හිතන්නකෝ ඔයා වෙන ලෝකෙක ඉදන් මේ ලෝකෙට කඩාපත් උනා කියල ,ඔයාට සිද්ද වෙනවා ඔයාගෙ යානය අලුත්වැඩියා කරන්න .එතනදි මූල්‍යමය කටයුතු කරන්න නම් ඔයාට සිද්ද වෙනවා මේ ලෝකෙ භාවිතා වෙන මුදල් ඒකකයක් ගැන විස්තර හොයාගන්න .ඔයා තෝරගන්න මුදල් ඒකකය මොකක් වෙයිද ??
ඔව් ! ඔයා තෝරගන්නෙ ඩොලර් /$ ..ඒත් ඇයි ?
මොකද මේ වෙද්දි වැඩිපුරම භාවිතා වෙන ,ඒකකයක වටිනාකම ටිකක් ඉහල අගයක පවතින ,සරලවම කියනවනම් ඒකේ අගය එහා මෙහා උනොත් ලෝකෙ බහුතරයක් මුදල් වල වටිනාකම් හෙලවෙන මුදල් ඒකකයක් නිසා ..
ඉතින් අපේ ක්‍රිප්ටොකරන්සි වලටත් තියෙනව ඒ වගේ සුපිරි කොයින් / මුදල් වර්ගයක් ... එකක් නෙවේ 2 ම තියෙනවා
බිට්කොයින් (bitcoin)
එතේරියම්
ඉතින් මම හිතුවා ඔයාල මේව ගැන පොඩි විස්තරයක් දැනගෙන හිටියොත් හොදයි කියල .. ඉතින් අද ලිපියෙ කියවෙන්නේ බිට්කොයින් සහ එතූරියම් ගැන ..මේව වලත් ලිපි ඕනේ තරම් සින්හලෙන් තියෙනවා .. ඉතින් මම මේ ලිපි වල සාරාංශයක් දාන්න තමා යන්නේ
සැ .යු -- ලිපියේ උපුටාගැනීම තරුවිමන වෙබ් අඩවිය
බිට්කොයින් (bitcoin)
Bitcoin කියන්නේ සරලව කිව්වොත් රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.මේ කියන Bitcoin මුලින්ම හදුන්වලා දුන්නෙ Satoshi Nakamoto කියන පුද්ගලයා ඒ 2008 වසරේදියි.
ඉතින් සාමාන්‍යයෙන් Bitcoin භාවිතයේදි BTC කියලා කෙටි නමකින් හදුන්වනවා මෙතනින් එහාට අපි BTC කියන කෙටි නමින් වැඩේ කරගෙන යමු.
වෙනසකට තියෙන්න මේ BTC අපිට කිසිම ආකාරයකින් ප්‍රායෝගිකව දැකගන්නට අවස්ථාවක් නොමැති වීමයි. ඒ කියන්නෙ Credit/ Debit කාඩ් වල තියෙන මුදල් වගේ තමයි අපිට වෙනත් මුදල් සමග ගනුදෙනු කරන්න පුලුවන් වෙන්නෙ පරිඝණක පද්ධතියක් හරහායි.
මුදල්වල කිසිම අයිතිකාරයෙක් නැහැ. භාවිතා කරන සාමාජිකයින් අනූවයි වටිනාකම තීරනය වෙන්නෙ. මේ BTC අපේ මුදල් වලට පරිවර්ථනය කිරීමට අවශ්‍යයිනම් අනිවාර්‍යන්ම BTC exchanger කෙනෙක් භාවිතා කල යුතුමයි.
අද වනවිට BTC එකක වටිනාකම $5700 විතර වෙනවා ඒ කියන්නෙ රුපියල් වලින්නම් 855000 කටත් වැඩියි. 2010 විතර BTC එකක වටිනාකම උනේ $0.05 විතර ඒ කියන්නෙ ඒකාලෙ හැටියට රුපියල් 5 වගෙ තමයි. රුපියල් 1000කට BTC 200 අරගන්න තිබුණා. කොහොමද අද වෙනකොට BTC 200 වටිනාකම සාමාන්‍යයෙන් ගත්තොත් පහත ආකාරයෙන් පෙන්නලා දෙන්න පුලුවන්
BTC 200 x $5700 = $ 1140000
$ 1 = Rs 150
$ 1140000 x Rs 150 = Rs 17100000
කෝටිගානක් හොයාගන්න තිබ්බ නේද එදා රුපියල් 1000 වියදම් කලානම්. ඒත් අද වනවිට මේ වගෙ මූලික අවදිවල තියෙන ඕන තරම් Cryptocurrency දැක ගන්න පුලුවන්.
නමුත් තාමත් BTC වලට තියෙන ඉල්ලුම එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවෙන තත්වයක් දැක්ගන්නට නැහැ. ඉතින් මෙච්චර මිල අධික BTC මිලදී ගන්නට අපහසු නිසා BTC උප ඒකක විදිහට කොටස් 3ක් හදුන්වලා දීලා තියෙනවා.
1 Satoshi = 0.00000001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC
අද වන විට අන්තර්ජාල ගනුදෙනු වලට නැතුවම බැරි දෙයක් වෙලා මේ කියන BTC. ඉතින් මටනම් හිතෙන්නෙ අනාගතය වෙනුවෙන් කරන්න පුලුවන් හොදම ආයෝජන තමයි මේ BTC වගේ Cryptocurrencies අරන් තියාගන්න එක. තමන්ට පුලුවන් හැම අවථාවකම BTC එකතු කරන්න. මොකද අනාගතයේදි සෑම ගනුදෙනුවක්ම සිදුකරන්න වෙන්නෙ මෙවැනි මුදල් ඒකක වලින් තමයි.
2025වෙද්දි මේ 1 ක වටිනාකම 200,000$ ඉක්මවනවා කියල තමා කට්ටිය කියන්නේ
සැ.යු -- ලිපියේ උපුටාගැනීම ප්‍රතිලාභ වෙබ් අඩවිය
Ethereum Crypto Currency / ඉතෙරියම් ක්‍රිප්ටෝ මුදල් ඒකකය
මේවා ගැන වැඩිදුර දැනගන්න කරන්න තියෙන්නේ පහල තියෙන වීඩියෝ දෙක බලන්න .වැඩිදුර දන්ගන්න කියන්නේ ඇයි මේ කොයින් මෙච්චර ගනන් ,කොමද බිට්කොයින් හා එතීරියම් වෙනස් වෙන්නෙ ,වඩා ආරක්ශිත සිස්ටම් එක මොකද්ද වගේ දේවල්
bitcoin --- bitcoin සිංහලෙන්
ethereum --- ethereum සිංහලෙන්
හරි හරි අද මාතෘකාව ඉවරයි .. මේ කොයින් වර්ග සහ තව කොයින් වර්ග 6,7 මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද මේ ෆීල්ඩ් එකේ ලාබ උපයන්නේ කියන එක .ඊලග ලිපියෙදි දාන්න යන්නේ මේක ආයෝජනයක් විදියට ඔයා පටන් ගන්නේ කොහොමද කියන එක .සල්ලි දාන හැටි ගන්න හැටි ගැන ..
එහෙනම් ඉතින් සුපුරුදු පරිදි පුලුවන් තරම් අප්ඩේට් වෙන්න බලන්න කියන ගමන් මම නවතිනවා ...
No comments:
Post a Comment