13 ලිපිය {4 ක්‍රිප්ටො ලිපිය } -- ක්‍රිප්ටොකරන්සි අරන් ලාභ තියාගෙන සේල් කරමුද ?? අඩු කාලෙකින් වැඩි ලාභයක් උපයමු !!! - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Wednesday, November 8, 2017

13 ලිපිය {4 ක්‍රිප්ටො ලිපිය } -- ක්‍රිප්ටොකරන්සි අරන් ලාභ තියාගෙන සේල් කරමුද ?? අඩු කාලෙකින් වැඩි ලාභයක් උපයමු !!!

by PRINCE ADITHA





ඔන්න එහෙනම් කොල්ලනේ අධික වැඩ රාජකාරී මැද ඔයාලගෙ දියුනුව වෙනුවෙන්ම 13 වෙනි ලිපියත් පටන්ගන්න යන්නෙ ..මේ ලිපියෙන් කියන්න යන්නේ පොඩි මතක් කිරීමක් විදියට මේ වෙනුවෙන්ම හදපු ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාන්න කියල ඉල්ලීමක් කරනවා ,


 E MONEY ලෝකය

 අර කලින් ලිපියෙ සදහන් කරල තියෙන Exchangers වලින් කොහොමද අලුත් කරන්සි එකක් ගන්නෙ සහ ඒකෙන් ලාබ ලබන්නෙ කොහොමද කියන එක .. 


මම නම් කියන්නේ ඔයා කලින් ලිපිය කියවල නැත්තන් ටක්ගාල ගිහිල්ල ඒක කියවලා එන්න කියල.. 



ඔන්න එහෙනම් අද වැඩ පටන් ගමු !!! 

මෙකෙ මම කතා කරන්න යන්නේ කොහොමද බිට්රෙ‍ක්ස් එකෙට බිකොයින් දාන්නේ ,ඒ කොයින් වලින් කොහොමද වෙන කොයින් එකක් ගන්නේ කියන එක ගැන .. 
මුලින්ම බලමු බිට්‍රෙක්ස් ගිණුමට සල්ලි දාන්නේ කොහොමද කියල ..

මේ ලිපියෙ මුල් කොටස (උඩු කොමා ඇතුලේ තියෙන කොටස ) මම ගත්තෙ උපුටනයකින් ඒත මට ඒ ගත්ත සයිට් එක ගැන හොයාගන්න බෑ 

  • කොහොමද ගිණුමට Bitcoin යවන්නෙ? 
"""""   හරිම පහසුයි අපෙ ගිනුමට ලොග් වෙලා Wallet කියන එක ක්ලික් කරන්න ඊට පස්සෙ පහල තියෙනවා වගෙ Page එකක් ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි.
4
උඩින්ම කොලපාටින් සලකුණු කරලා තියෙන්නෙ Wallert එකට යන්න ක්ලික් කරන්න ඕන තැන. ඉන්පසුව පහලින් කොලපාට සදහන් තැන තියෙන + මාර්ක් එක ක්ලික් කරන්න​. ඊට පස්සෙ එන පේජ් එකේ New Address කියන එක ක්ලික් කරන්න. එතකොට අපිට BTC ගෙන්න ගන්න අවශ්‍ය වෙන Wallet address එක දැකගන්න පුලුවන්.
4
ඒ Address එකට තමයි දැනට අපි BTC අරන් තියෙන Coin base එකෙන් හරි Cex.io එකෙන් හරි Bitcoin Sent කරන්න ඕන​.

  • බිට්කොයින් වලින් අනෙක් කරන්සි වර්ග මිලදී ගමු 
හරි දැන් අපි දන්නවා Account  එකට BTC Deposit කරගන්න​. අපි ඊලගට බලමු කොහොමද අපෙ Account balance එකේ තියෙන BTC Use කරලා අපි ගන්න බලාපොරොත්තු වෙන Cryptocurrency වර්ග මිලදී ගන්නෙ කියලා. අපේ Bittrex Acount එකේ dashboard එකෙ දැනට මාර්කට් එකේ තියෙන Cryptocurrency වර්ග ගනනාවක් දැකගන්න පුලුවන් පහල රූපෙ සදහන් වෙලා තියෙන විදිහට​
4
ඉතින් අපිට පුලුවන් මෙතනින් අපි Buy කරන්න බලාපොරොත්තු වෙන Coin එක බලාගන්න සහ ඒ Coin වර්ගය මිලදී ගන්න ඕන තැනට යන්න​..කොලපාටින් Highlight කරලා තියෙන තැන (උදා: Ethereum Classic ) ක්ලික් කරලා අපිට පුලුවන් ඒ Coin එක Buy or Sell කරන තැනට යන්න​.4
අපිට පුලුවන් මෙතනදී මාර්කට් එකේ Seller’s ගෙන් තියෙන Lowest  price එකට අපිට අවශ්‍ය ප්‍රමාණයට Coins මිලදී ගන්න​. මේ විදිහටම තමයි අපි මිලදී අරන් තියෙන Coins එකේ වටිනාකම වැඩි උනහම Sell කරන්නත්  තියෙන්නෙ. 

හොදට මාර්කට් එක Study කරලා අපි මේ විදිහට Buy sell කරනවනම් Daily Profit එකක් ලබාගන්නවා වගේම අපේ ගිණුමේ වටිනාකමත් වැඩිකර ගන්න​ පුලුවන්. 

 හොද Coin එකක් සෙට් උනොත් අඩුවට අපිට පුලුවන් ඕනනම් කාලයක් මේ ගිණුමෙම තියාගෙන ඉදලා Sell කරන්න​..නමුත් ඒක ටිකක් අවදානම් වැඩක්. එනිසා මම කියන්නෙ හොදට මාර්කට් එක බලලා හොද Coins ටිකක් අරන් Buy sell කරන්න කියන එක  """""""

උපුටා ගැනීම් ඉවරයි .දැන් අපි මගේ ලිපියට යමු 


මේක කරන්න ආවට ගියාට බෑ ! පිලිවෙලක් තියෙනවා .. අන්න ඒ පිලිවෙල ගැන අපි දැන් කතා කරන්න යන්නේ ! 

මුලින්ම ගන්න යන කොයින් එකේ විස්තර දැනගන්න එපැයි ..පහල තියෙන පින්තූර දෙකේ  විදියට විස්තර හොයගන්න 

සැ.යු ----- මම ගන්න හදන්නේ නියෝ කියන කොයින් එක 

ඔය මම කරල තියෙන විදියට කොයින් එකේ නම උඩ ක්ලික් කරන්න 



ඊට පස්සේ අපිට ඒ කොයින් එකේ විස්තර පෙන්නනවා .ඒ විස්තර මේ වගේ 




ඔන්න කොයින් එකේ විස්තර අපි දැන් දන්නවා !!! 


දැන් යමු මේ කොයින් එකක් ගන්න හැටි දැනගන්න  

මුලින්ම ඔය චාට් එක තියෙන පේජ් එකේ පහලට යන්නෙ .එතන තියෙනව මේ වගේ ඩයලොග් බොක්ස් 2ක් 



ඔන්න ඔය විස්තර ටික තමා එවට දෙන්න තියෙන්නේ ..එතකොට ඔයා හිතනව ඇතිනෙ "අපෝ මේක මහ අමාරු වැඩක්නේ ඔය කොයින් ගනන් ,එකක වටිනාකම් ටයිප් කර කර ඉන්න ගියාම එපා වෙනවනේ කියල "

නෑ නෑ !! මේක මාරම ලේසි වැඩක් ! ඕක ලේසියෙන් කරන විදිය පැහැදිලි කරන්න තමා දන් යන්නේ 



ඔන්න  ඔය  තියෙන ඕඩර් බුක් එක තමා අපේ ලේසි ක්‍රමේ රහස .. 

දැන් අපි හිතමු අපිට මේ වෙලාවෙ  කොයින් සේල් වෙන ගානට ඔයාට  කොයින් ටිකක් ගන්න ඕනෙ  කියල .. ඔයාට තියෙන්නේ උඩ පින්තුරෙ විදියට වම් පැත්තෙ අංක 2 තියෙන ලයින් එකේ {උඩ ඉදන් පහලට} ඕනෑම අගයක් ක්ලික් කරන්න විතරයි 

ඊට පස්සෙ ඔයා දාන්න යන මුලු බිට්කොයින් ප්‍රමානය අර උඩ තිබ්බ ඩයලොග් බොක්ස් එකේ ටයිප් කරන්න .එතකොට ඉබේටම ගන්න යන කොයින් ප්‍රමානය කැල්ක්යුලේට් වෙලා "යුනිට් " කියන තැන  පෙන්නනව

පහල තියෙනව ඒ වගේ කරපු එකක්  





ඊට පස්සෙ මේකෙ විදියටනම් බයි නියෝ කියන තැන ක්ලික් කරාට පස්සේ .ඔයා ඉල්ලපු ගානට දෙන්න කැමති සේලර්ස්ල ඉන්නවනම් ඔයාගෙ ඕඩර් එක ෆිල් වෙනවා



දැන් අපි බලමු ලාභ තියන් මේව සේල් කරන්නේ කොහොමද කියලා !!






මෙතනත් වැඩ වෙන්නෙ අනික් පැත්තෙ ඩයලොග් බොක්ස් එකේ විදියටමයි .. එ කියන්නෙ අර පහල තියෙන අගයන් ක්ලික් කරල "යුනිට් ,ආස්ක්, ටෝටල් " කියන ඒව ෆිල් කරගන්න පුලුවන් ..

මේකෙදි අනිවාරෙන්ම ලාභ තියාගෙන සෙල් කරන්න නම් හදන්නේ ඔයාට තියෙන්නෙ අංක 1 ක්ලික් කරල එක සබ් මෙනූ එකේ අංක 2න් පෙන්වලා තියෙන තැන සිලෙක්ට් කරන්න 

එතකොට අංක 3 තියෙන තැන අලුත් ඩයලොග් බොක්ස් එකක් එනවා ..එකට ඔයා සේල් කරන්න ලෑස්ති ගාන දාන්න 

ඊට පස්සෙ සුපුරුදු පරිදි  පහල තියෙන සේල් නියෝ නැත්තන් අංක 4 ක්ලික් කරන්න 
එතකොට මේ කොයින් එක ඔයා ඉල්ලන ගානට වැඩි උනාට පස්සේ ඉබේටම සේල් වෙනවා !!!



අපෝ ඔන්න එහෙනම්  මේ ලිපියෙ වැඩත් ඉවරයි !!! මාර අමාරුවෙන් හදපු ලිපියක් මේක .ඔය ස්ක්‍රීන් ශොට් ටික ගන්න සොෆ්ට්වෙයා එකකුත් ගහගෙන මාර කට්ටක් කන්න උනා ... කමක් නෑ  ලිපිය පිළිවෙලට ආවනේ 
.. එහෙනම් ලිපිය කියෙව්වට ස්තූතී .. 
මේ වගේ අලුත්ම  ඊ මනී සිස්ටම්  ගැන දැනගන්න මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න .. කියන්න අමතක උනා .ඔය ආව ගමන්ම මේ වෙනුවෙන් හදපු. ෆේස්බුක් පේජ්  එකටත් ලයික් එකක් දලා යන්න 

ලින්ක් එක මෙතනින්  E MONEY ලෝකය


ලිපිය ලිව්වේ --- PRINCE ADITHA

No comments: