E MONEY ලෝකයට සාදරයෙන් පිළිගනිමු { welcome to the blog } - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Sunday, October 15, 2017

E MONEY ලෝකයට සාදරයෙන් පිළිගනිමු { welcome to the blog }

                                                       
                                                   E MONEY ලෝකය





බ්ලොගය වෙත පැමිනෙන ඔබ සෑම දෙනාම සාදරයෙන් පිලිගන්නවා . ලංකාවෙ දැනට සීග්‍රයෙන් වර්ධනය වෙන විෂයක් තමා ඊ මනී කියන්නෙ .ඒකටම සාපේක්ශව ඒ පිලිබද සිංහලෙන් ලියවෙන ලිපි , වීඩියෝ පට ,සමූහ  අන්තර්ජාලය පුරා වැහි වැහැල . ඒ බහුතරයක පරිශීලකයෙක් විදියට මම දකින අඩු පාඩු කීපයක් තියෙනව 
  •  ඊ මනී කරන ක්‍රම ගොඩක් තියෙනව ඒ පිලිබද පැහැදිලි කිරීම් අඩුයි 
  •  ගොඩක් අය තමාගෙ මාතෘකාව කතා කරන එක ආරම්භ කරාට අවසන් කරනව අඩුයි 
  •  තමන්ගෙ ක්ශේස්ත්‍රය ගැන අලුත් ප්‍රවෘත්ති ලබා දෙන එක අඩුයි 
  •  යම් දෙයක් ගැන හොයාගන්න ඕනෙ කෙනෙකුට වෙබ් පිටු සෑහෙන්න ගනනක පරික්ශා කිරීමට සිදු වෙනව 
  •  ගොඩක් විස්තර වල අවුරුදු කීපයක් පරන දත්ත තමා අඩංගු වෙලා තියෙන්නෙ 

              මම කියන්නෑ මේ බ්ලොගයෙන් ඔය ගැටලු ඔක්කොටම විසදුම් දෙන්න පුලුවන් කියල ඒත් උඩ කියල තියෙන ගැටලු වලින් කීපෙකට මම හැකිතාක් දුරට විසදුම් සැපයීමට බලාපොරොත්තු වෙනව. මේ බ්ලොගයෙ ප්‍රධානතම අරමුන වෙන්නෙ අන්තර්ජාලය පුරා විසිරිලා තියෙන ඊ මනී ගැන සිංහලෙන් ලියවෙන ලිපි ,ශ්‍රී ලාංකික සමූහ , වීඩියෝ පට පිලිබද විස්තර ඔබට ලබා දීම 
             අමතරව
  • නව  අන්තර්ජාල ආයෝජන අවස්තා ගැන , ඒවායේ සුරක්ශිත බාවය පිලිබද දල අවබෝදයක් ලබා දීම 
  • අන්තජාල් මුදල් ,ත්‍යාග පිරිනැමීම් පිලිබද දැනුවත් කිරීම (මේ ඔප්ශන් එකනම් දාන්නෙ ලංකාවෙ ගොඩක් අය උත්සහ කරන්නෙ ෆ්රී සල්ලි හොයන්න කියල දන්න නිසා )
  • නව ව්‍යාපාර අවස්තා හදුන්වා දීම සදහා සහ භාශාව අවුල් අයටත් ඊ මනී හොයන්න පුලුවන් වෙන්න උදව් කිරීම 
         කියන දේවලුත් මේ බ්ලොගයෙන් ඔබට ලබා ගන්න පුලුවන්


එහෙනම් දැනට මේ ඇති. (ආ! කියන්න  අමතක උනා 
බය වෙන්න එපා වෙන සයිට් වගේ නෙවෙයි මේක පටන් ගත්තෙත් සින්හලෙන් ඉවර කරන්නෙත් සින්හලෙන්මයි ,සමහර සයිට් වගේ මගදි බාගයක් කඩ්ඩ වෙන්නෙ නෑ ) 

මේ ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් එකකින් දාන්න මොකද ඒ අදහස් වලට තමා මේ සයිට් එක බිද වැටෙන්නැතුව ඉස්සරහට අරන් යන්න පුලුවන් .ඒ කියන්නෙ ඔයාලට වැඩක් නැති දෙයක් මම දාල වැඩකුත් නෑ ඒ වෙලාවෙ වෙන මොනා හරි ටයිප්  කරානම් වෙලාවත් ඉතුරුයි .අකුරු වැරදි අරව මේව ගොඩක් ඇති. මොකද සිංහල ටයිප් කරනව කියන්නෙ පිස්සු හැදෙන වැඩක් .


හරි හෙට දවසෙ පලවෙනි ලිපිය මම දාන්න කියල හිතන් ඉන්නෙ .මාතෘකාවක් තාම හරියටම හිතුවෙ නෑ දාන්නනම් ඉන්නෙ ඊ මනී ගැන පොඩි හැදින්වීමක් එක්ක කරන ක්‍රම ටිකයි,ඒවගෙන් මේ දවස් වල ෆේමස් ඒවයි , ඒ ක්‍රම ගැන වැඩි දුරටත් විස්තර තියෙන සයිට් ටිකකුයි ගැන තමා 
එහෙනම් හෙට හමුවෙමු! එතකන් අලුත් ලෝකෙත් එක්ක කරට කර ඉන්න පුලුවන් තරම් අප්ඩේට් වෙන්න බලන්න 

ලිපිය ලිව්වෙ ---- PRINCE ADITHA

No comments: