10 ලිපිය {1 ක්‍රිප්ටො ලිපිය } ---- ඔයාගෙ අතේ මේ වෙද්දි කීයක් තියෙනවද ?? තියෙන ගාන දෙගුණ ,තුන්ගුණ කරමුද !!!! - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Saturday, October 28, 2017

10 ලිපිය {1 ක්‍රිප්ටො ලිපිය } ---- ඔයාගෙ අතේ මේ වෙද්දි කීයක් තියෙනවද ?? තියෙන ගාන දෙගුණ ,තුන්ගුණ කරමුද !!!!

by PRINCE ADITHA






ඔන්න එහෙනම් සුබ උදෑසනක් කියලම 10 වෙනි ලිපිය දාන්න යන්නේ ..අනෙ මන්ද උදෑසනක් කිව්වට මේක උදේ දාන්න පුලුවන් වෙයිද කියලවත් දන්නේ නෑ ????
ඉතින් මට, කලින් ලිපිය බලන්න ඇවිත් තිබුන ප්‍රමානෙන් හිතුනෙ මේ සිරි ලංකාවේ මිනිස්සු සූට් එකක් ගහන් ජොබ් එක්කට යන්න කොච්චර ආසද කියල !!!
කෝකටත් පරණ ලිපි වල ලින්ක් ටිකත් මෙතනින්ම දාන්නංකෝ


1 ලිපිය -- මොනවද මේ E MONEY------

2 ලිපිය - විනාඩි 5න් වලංගු පේපැල් ගිණුමක්---

3 ලිපිය - ඔයාගෙ ඇඩ්‍රස් එක දාල අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු---

4 ලිපිය -- සල්ලි හොයන මුල්ම ක්‍රමේ !! ඇඩ් ක්ලික් ගැන A-Z ඉගෙනගන්න----

5 ලිපිය -- අතේ ෆෝන් එක තියෙනවද ? දවසට ෆෝන් කාඩ් 3ක සල්ලි හොයමුද ??---

6 ලිපිය -- ඇලඩින්ගෙ පුදුම පහන දැකල තියෙනවද ?? සල්ලි හොයන්නත් ඒ වගේ ක්‍රමයක් තිබ්බනම් මරු නේද ??----

7 ලිපිය -- ෆිල්ම් පිස්සෙක්ද ?? යාලුවොන්ට ලින්ක් බෙදා හැරීමේ නියෝජිතද ?? ඔය වැඩෙන් සල්ලි හොයමුද ??---

8 ලිපිය -- හැමදාම ටික ටික හොයල ඇතිවෙලාද ?? ටිකක් ලොකුවට හොයමුද ?? 100$ වගේ !!!---

9 ලිපිය --- සූට් බූට් ගහල, සීරියස් ජොබ් ටයිප් එකෙන්, පාට් ටයිම් ඊ මනී ජොබක් කරමුද ????---


හරි හරි අපි වල් පල් නොකිය වැඩේට බහිමු ...ලිපිය දාන්න කලින් වැදගත් දේවල් කීපයක් තියෙනවා ඔයාලට කියන්න


  • 9 ලිපියෙන් පස්සේ ඇත්තටම ලංකාවෙදි කරන්න පුලුවන් ,මම කරල ප්‍රොෆිට් ඇරන් තියෙන ඊ මනී ජොබ් ඉවරයි .. ආයෙ තිබ්බත් තියෙන්නේ ඔය කියපු වැඩ ටිකම කරන්න එන අලුත් සයිට් ගැන කියන්න විතරයි ..



  • එතකොට මෙතනින් එහාට ඔයාව ආයෝජකයෙක් කරල ,සුරක්ශිතව වැඩිපුර ලාබ ගන්න හැටි කියල දෙන පාඩම් සෙට් එක පටන් ගන්නවා .. මේක ඇතුලෙ ප්‍රධාන කාණ්ඩ 2 ගැන කතා කරන්න යන්නෙ


  1.                            ක්‍රිප්ටොකරන්සි
  2.                             ෆොරෙක්ස්



  • ඉතින් ක්‍රිප්ටො ලිපි පෙලින් මම පටන් ගන්නම් ගොඩක් වෙලාවට ලිපි 5,6 ඇතුලත් මේ ගැන කතා කරල ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා .. e



  • ඒ වගේම එතනින් එහාට මට ඊ මනී ගැන අත්දැකීම් නෑ .ඒ කියන්නේ මම ආයෝජකයෙක් විදියට කරන්න දන්නේ ක්‍රිප්ටො,ෆොරෙක්ස් සහ තව ඔය බනානා වගේ ආයෝජන ආයතන ගැන විතරයි .. වෙන ආයෝජන අවස්තා මම අත්හදා බලල නෑ ..



  • අන්තිම සහ වැදගත්ම කරුන තමා මම තව විශේශ ලිපි පෙලක් අරන් යන්න හදන්නේ  I.C.O BOUNTY   ගැන .. ඒවා මොනවද කියල මේ ලිපි පෙලේ ඉදිරියේදි කතා කරන්න තමා ලෑස්ති .. ඒත් ඒව වල විස්තර දෙන එක මම දැන් ඉදන්ම පටන් ගන්නවා .. කරුනාකරල මේවා නිකන් දෙන නිසා ලාභ ලබන්න බෑ කියල අතාරින්න එපා


මේ ලගකදි අපේ ක්‍රිප්ටො කල්ලිය පේජ්  එකේ මේවා කරන අය ලබපු මුදල් ගැන පෝස්ට් එකක් වැටුනා .. ඉතින් ඔයාලම බලන්නකෝ ඒකෙ තිබ්බ දේවල්
අහල තිබ්බේ මේ බවුන්ටි වලින් ගත්ත මුදල් ගැන !!!












ඔන්න ඕකයි තත්වෙ 10$---10000$ දක්වා ලැබිල තියෙනවා . ඉතින් මෙකට චුට්ටක් මහන්සි වෙන්න ඕනෙ බව ඇත්ත .ඒ කියන්නේ සයිට් රෙජිස්ටර් වෙන්න ඕනෙ ,රෙෆ්රල්ල හදා ගන්න ඔනේ,සල්ලි ලබෙන්න මාසයක් විතර යනවා ඒක ඉවසන්න ඕනේ  .ඒත් එච්චර අවුලක් නෑ සල්ලි ලැබෙනවනේ .ඉතින් මේ දැම්ම වැඩේ පටන් ගන්න


විශේෂ පුවත් --- ඩොලර් 5 නිකන් ගන්න .ඔක්තෝම්බර් 31 කලින් රෙජිස්ටර් වෙන්න !!!


හරි දැන් අපි අපේ ලිපියට යමු !! ඉතින් අද ලිපියෙන් කොහොමත් කියල දෙන්න වෙන්නේ ක්‍රිප්ටොකරන්සි කියන්නේ මොනවද කියලනේ ... ඒක ගැන නම් ලිපි තොගයක් තියෙනවා !! මම ඒවා වලින් වැදගත් කොටස් ටික දාන්නම්


මේක මම උපුටා ගන්න යන්නේ තරු විමන බ්ලොග් එකෙන් 
ඔන්න ඒ බ්ලොග් එකේ ලින්ක් එකත් පහලින් දානවා 
සැලකිය යුතුයි :-- මේ ලිපියේ ඇතම් ස්තාන මාගෙ ලිපි පෙලට බාදා පැමිනවිය හැකි බව සලකා හා යාවත්කාලීන කිරීම් උදෙසා වෙනස් කොට ඇත ..
CRYPTO TRADING ගැන නොදන්න අයට
Crypto Trading කරන විදිහ ගැන ගොඩක් දෙනෙක් මේ දවස්වල නිතර නිතර අසන ප්‍රශ්න වලට කොහොම හරි help එකක් කරන්න ඕන කියලා හිතුන නිසාත් මම වගේම මේ Field එකෙන් profit එකක් ගන්න අනිත් අයටත් හොද අවස්තාවක් සහ හොදම කාලයක් වන නිසාත් මේ post එක හදිසියේම ලියන්න තීරණය කලා.. සමහර විට මේ post එක කියවන දකින අය මට වඩා හොදින් මේ ගැන දන්න අය වෙන්න පුලුවන්. ඉතින් මම කාරුණික ඉල්ලීමක් කරනවා වැරදි අඩුපාඩු ඇත්නම් නිහතමාණීව ඒවා පෙන්වා දෙන්න කියලා. මම post ලියන්න blog ලියන්න දක්ෂ පොරක් නම් නෙමෙයි. මේ field එක කරලා ගත්ත experience එකෙන් තමයි post එක ලියන්නෙ.
හරි දැන් ඒ කතාවලින් වැඩක්නෑ අපි බලමු මේ Crypto Trading කරන්නෙ කොහොමද​ කියන එක ගැන..ඒ සෑම දෙයක්ම පිලිවෙලින් පහලට සදහන් කරගෙන යන්නම්..
1. මොනවද Crypto Currencies කියන්නෙ?               


Crypto currency යනු පොදුවෙ ගත්තොත් USD, EUR, GBP, LKR වගේම එක්තරා මුදල් ඒකකයක්. මේ Crypto currency කිසිම වෙලාවක පියවි ඇසින් දැක ගැනීමෙ හැකියාවක් නැහැ. මොකද මෙම මුදල් Digital Currencies නිසා පරිඝණක පද්ධතියක් හරහාම පමණයි දැක ගැනීමට හැකියාවක් තියෙන්නෙ. අපිට මෙම මුදල් බැංකු ගිණුමකට ලබා ගැනීමට අවශ්‍යයිනම් අනිවාර්යෙන් Crypto Currencies හුවමාරු(Exchanger) කරන සේවාවක් මගින් රුපියල් බවට හෝ USD වලට හුවමාරු කරගත යුතුමයි.
.


Crypto Trading හා Forex Trading අතර වෙනසක් තියෙනවද?

Forex Trading :-                    
                   මේ ප්‍රශ්නය නිතර ගොඩක් අය අහන දෙයක් නිසා මම සරල අදහසක් දෙන්නම්..Forex ගැන මම මහා ලොකුවට දන්නෙනම් නැහැ ඒත් දන්න විදිහට තේරුම් කරන්නම්.. Forex යනු විදේශ විනිමය වෙලද පොලයි. මෙහිදි සාමාන්‍යයෙන් සිදුවෙන්නෙ දැනට ලෝකයේ ඇති සියලුම මුදල් වර්ගවල වටිනාකම ඉහල හෝ පහල යෑම තීරනය වීමයි.

ලංකාවෙ කොටස් වෙලද පොලේ විදිහටමයි අපේ රුපියලේ අගය අඩු වැඩි වෙන්නෙත් මේ කියන විදේශ විනිමය වෙලද පොල හරහායි..                                             
                       ඉතින් Forex trading වලදී කරන්නෙ හොද Broker සමාගමක් හරහා දැනට ලෝකයේ තියෙන ප්‍රධාන මුදල් වර්ග යුගලයක් ( Currency pair)  (Ex: EUR/USD, GBP/USD) අතර වර්ථමානයේ හෝ අනාගතයේදි එක් මුදල් වර්ගයක වටිනාකම ඉහල පහල යෑම ගැන අනාවැකි හෝ නිගමනයක් සිදුකර ගැනීමෙන් පසුව එ මුදල් වර්ගයේ වටිනාකම ඉහලට යනවනම් buy order එකක් හෝ පහලට යනවානම් sell order එකක් දැමීමයි.

 පසුව Order එක profit වීමෙන් ප්‍රතිලාභයක් ලබා ගැනීමයි. නමුත් අපි දාන order එක Loss වෙන දිහාවටම දිගින් දිගටම ගියොත් Stop loss වගෙ දෙයක් නොකර අපේ ගිණුම සම්පූර්ණයෙන්ම Loss වෙනවා.. නිවැරදි Money management එකකින් කලොත් තමයි account එක loss නොවී පවත්වගෙන යමින් Profit එකක් ලබාගන්න පුලුවන් වෙන්නෙ. 

මේක තමයි සරලවම Forex trading වලදී සිදුවන්නෙ. ඉගෙන ගන්නවනම් මේ ක්ෂෙත්‍රයේ ගොඩාක් තියෙනවා දැනට මේ ටික මතක තියාගන්නකො..නැත්ත්නම් post එක වෙනම දිහාවකට ගලාගෙන යයි හිටං..

Crypto Trading :-
                                 දැනට ලෝකයේ Crypto Currency වර්ග 1000 පමණ තිබුණත් Base Currency Systems විදිහට Bitcoin හා Ethereum සදහන් කරන්න පුලුවන්. දැන් මේ වෙද්දි bitcoin එකක වටිනාකම 5280$ පමණ වෙනවා කොහොමද නේද එකක් හරි තිබුනනම්. ඉතින් Forex trading වලදී වගේ අපි Currency pair භාවිතයෙන් Buy sell කරන්න ඕන නෑ

Crypto Trading වලදි කරන්නෙ මම කලින් කියපු Bitcoin වගෙ දවසක මිල ඉහලයාවි යැයි සිතන හොද Crypto currency මිල අඩුවට තියෙද්දි මිලදී අරන් තාවකාලිකව හෝ දිගු කාලීනව ගබඩා කර තබාගෙන මිල ඉහල ගියපසු විකුණා දැමීමයි.


                       මගෙ සරලම හැගීම(අදහස) Crypto trading කියන්නේ අනාගතය වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දිගු කාලීන හා කෙටිකාලීන ආයෝජනයි. forex trading වලදී වගේ buy , sell order දිහා බලන් ඉදලා account loss කරගන්නවට වඩා හොදයි crypto buy කරලා තියන් ඉන්න එක..

 අද හෙට නැතත් කවදාහරි Price up වෙයිනෙ කියන හැගීමෙන් උනත් බලන් ඉන්න පුලුවන්.. කොච්චර අපි buy කරන crypto එකේ price down උනත් Forex වලදී වගේ account එකට කෙලවෙලාම යන්නෙ නෑනේ. ඒනිසා මමනම් Forex වලට වඩා Crypto trading හොදයි කියලා කියන්න කැමතියි.. එහෙමයි කියලා අවදානමක් නෑ කියලා හිතන්න එපා 

මොකද අපි buy කරන crypto සමහර වෙලාවට scam වෙන්න පුලුවන් නැත්නම් අපේ account එක හැක් වෙන්න පුලුවන්. ඒ නිසා අනිත් අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර වල වගේම Crypto trading වලත් අවදානම කියන එක තියෙනවා.. Crypto trading වලදී Short term(කෙටිකාලීන), Long term(දිගු කාලීන) විදිහට Crypto buy කරලා ලාභ ලබාගන්න පුලුවන්.
මම ඒකට හොදම උදාහරණයක් දෙන්නම්
 .
සහල් vs අමුමිරිස් (හිනා වෙන්න එපා යකූලා)
.
                                ලංකාවේ අපි වගෙ බත්කන උන් දන්නවනේ සමහර කාලවල් වලට සහල් මිල අහස උසට නගිනවා හරියට මේ කාලේ වගෙ. ඉතින් රටේ තියෙන කෘෂිකර්මාන්ත ගැන රජය විසින් ගන්නා සමහර තීරණ ගැන කාලගුණය, දේශගුණය ගැන වගේ ආර්ථික news බලලා අපිට පුලුවන් සහල් හෝ වී මිල අඩු කාලෙකදී මිලදී අරන් ගබඩා කරලා තියාගන්න. නියං කාලයක් හෝ අධික වර්ෂා කාලයක් ආවොත් අනිවා රටේ සහල්හිගයක් එනවා අන්න ඒ කාලේ තමයි හොදම කාලේ අපේ Stock එකේ තියෙන සහල් වැඩි මිලකට අලෙවි කරලා ප්‍රතිලාභයක් ගන්න. මේ වගේ දේවල් මගින් දිගුකාලීනව වගේම කෙටිකාලීනව Profit ගන්න පුලුවන් මොකද හොදට ආරක්ෂාකාරීව Store කරලා තිබ්බොත් ඕන කාලයක් තියගන්න පුලුවන්..
                           

  ඒ වගේම අමුමිරිස් වගේ දේවල් සමහර කාලවලදි කිලෝඑකක් රුපියල් 1000 වඩා ගනන් යනවා ඒ අධික වර්ෂාව ඇති කාලවලට සැපයුම අඩු නිසයි. ඉතින් ඒ වගේ කාල වලදි ඉක්මන් වෙලා අරන් වික්කොත් තමයි හොද ලාභයක් ගන්න පුලුවන් වෙන්නෙ. නමුත් අමුමිරිස් වගේ දේවල් ගබඩාකරගෙන කාලයක් තියාගන්න බැහැ. අවධානමක් අරගෙන ඉක්මන් ප්‍රතිලාභ ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි අපි Crypto වලදිත් long terms short terms Currencies තෝරාගන්න ඕන. සමහර coins ඉක්මනටම market එකට ඇවිත් price up වෙලා scam වෙලා යනවා. ඒවගේම හොද coins මිල අඩු වැඩි වෙවී market එක තුල කාලාන්තරයක් රැදී සිටිනවා..
                              

ඔය තේරුම් කලේ මට හිතෙන දැනෙන විදිහ සහ තෙරුම් ගත්ත විදිහ. සමහර විට මීට වඩා වෙනස්ම අදහස් තියෙන්නට පුලුවන් සහ වැඩිදුර අධ්‍යනය කරන්න අවශ්‍යයිනම් google කරලා ඕන තරම් විස්තර හොයාගන්න පුලුවන්. මේ ක්ෂේත්‍රයේදි අපි කියලා දෙන දේට වඩා තමන්ගෙ උනන්දුවයි උත්සහයයි තමයි ගොඩාක්ම වැදගත් වෙන්නෙ. 
සැම විටම මතක තබාගන්න….වඩාත් ලාබදායි සහ ආරක්‍ෂිත වන්නේ short term trading …..(මාගේ මතයයි)
 .

3.  Crypto trading පටන් ගන්න මුලින්ම මොකද්ද කරන්න ඕන?
 .
Step 1  
             මුලින්ම අපිට මේ සදහා අපේ රුපියල් භාවිතා කරලා bitcoin මිලදී ගන්න අවශ්‍ය වෙනවා. ඒ සදහා අපිට පුලුවන් අපේ Credit / debit card මගින් bitcoin මිලදී ගන්න.මේකට ලංකාවෙ ගිනුම් වලට සපෝට් කරන නෙට් බෑන්ක් එකක් විදියට අපි පාවිච්චි කරන්නේ cex.io  එක. ඒක  ගැන ලිපිය බලන්න මෙතනින් යන්න 



නැතිනම් Bitcoin sell කරන කෙනෙකුගෙන් සාමාන්‍ය මිලට ලබාගන්නත් පුලුවන්.

සැ:යු මුදල් ගණුදෙනු සිදුකිරීමේදි තමන්ගෙ මුදල් වල ආරක්ෂාව තමන් සතුය. එමනිසා සෑම විටම
විශ්වාසවන්ත අය සමග පමණක් ගණුදෙනු සිදුකරන්න. අධික මිල ගණන්වලට අලෙවි කරන වංචාකාරයන්ට හසු නොවී තමන්ගේ වටිනා කාලය හා මුදල් ඉතිරි කරගන්න.

 .

Step 2
         අපි මිලදීගන්න bitcoin Store කරලා තියාගන්න walltet එකක් අවශ්‍ය වෙනවා. Walltet එකක් කියන්නෙ අන්තර්ජාල මුදල් ආරක්ෂිතව තබා ගන්නා පසුම්බියක් කියලා හිතාගන්නකො. සාමාන්යෙන් මෙතනදි 3 පියවරේ තියෙන කොයින් ගන්න සයිට් වල රෙජිස්ටර් වුනහම මේ වොලට් එකක් ඉබේම ලැබෙනවා .මගේ මතය අනුව ශෝට් ටයිම් කරන කෙනෙකුට ඒක හොදටම ඇති .නැත්තන් ඔයා දිගු කාලීනව මේව අරන් තියන් ඉන්න හදනවනම් බ්ලොක්චේන් ,මයිඑත්වොලට් වගේ ඒව අවුලක් නෑ 

වැඩි විස්තර පසුවට දානවා බය වෙන්න එපා !!
 .


Step 3
       ඊලගට අපිට අවශ්‍ය වෙනවා Crypto Trading කරන්න හොද Exchanger කෙනෙක් තෝරගන්න. මේකෙ දල අදහස තමා කොයින් තියෙන කෙනාගෙන් ,අපිට ,අපි වියදම් කරන මුදලට ගැලපෙන විදියට සුරක්ශිතව  අරන් දෙන ඇපකරු වගේ පුද්ගලයා හෝ සයිට් එක . 

දැනට තියෙන හොදම Exchangers විදිහට Bittrex සහ Poloniex තමයි මමනම් Recommend කරන්නෙ.. පහල Official Links වලින් ගිහින් ඔයාලගේ Email Address එක දිලා Exchanger කෙනෙක්ගෙන් Register වෙන්න..

Bittrex :


Poloniex:

හරි මේ මම කියපු ගිණුම් නිවැරදිව හදාගැනීමෙන් පසු අපිට පුලුවන් අපේ මුදල් වලින් bitcoin මිලදී අරන් ඒ bitcoin ටික Coinbase walltet එකට අරගෙන ඊට පසුව Exchanger site එකට යවන්න.



එහෙනම් අදට පාඩම ඇති .ආ මේකෙ පහල මම දානවා අපේ සෙට් එකේ ක්‍රිප්ටො . කිං කියල කියන රංගන පුංචිහේවා අයියගෙ ක්‍රිප්ටො වීඩියෝ සීරීස් එකේ 1  වීඩියෝ එක ..එකත් බලන්න අමතක කරන්න එපා ...


Episode 01: Cryptocurrency Basics (Sinhala Language - සිංහල භාෂාවෙන්)



හරි හරි අදට ඇති මම කිව්වෙ. ලිපිය ලියන්න  පටන් ගත්තෙ උදේ, ඒත් අනම් මනම් වැඩ සෙට් වෙලාම දවල් උනා දාද්දි .. එහෙනම් දිගටම මේ ලිපි පෙලත් එක්ක රැදිල ඉන්න.ඔයාව අති දක්ශ ආයෝජකයෙක් කරන්න තමා මම උත්සහ දරන්නේ ..එහෙනම් මම යනවා ..හැමදාම කියනවට වඩා වෙනස් විදියට කියනවනම්

ඔයාලට ආස හිතෙන ඕනෙම විශයක් සම්බන්දව දැනුම ලබාගන්න උත්සහ කරන්න ..මොකද අලුත් ලෝකය විවර වෙන්නෙ මොලේ හයියට මිසක් ඇගේ හයියට නෙවෙයි !!!!!

















No comments: