9 ලිපිය --- සූට් බූට් ගහල, සීරියස් ජොබ් ටයිප් එකෙන්, පාට් ටයිම් ඊ මනී ජොබක් කරමුද ???? - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Wednesday, October 25, 2017

9 ලිපිය --- සූට් බූට් ගහල, සීරියස් ජොබ් ටයිප් එකෙන්, පාට් ටයිම් ඊ මනී ජොබක් කරමුද ????

by PRINCE ADITHA





ඔන්න එහෙනම් සුපුරුදු නොවන පරිදි දවසක් මග ඇරල තමා ලිපිය දාන්නේ .මොකද හැමදාම ලිපියක් ටයිප් කරනව කියන්නේ පට්ට අමාරු වැඩක් .ඒ නිසා මම හිතුව දිගටම මේ විදියට දාන්න .

ඒ කියන්නෙ දවසක් ඇර දවසක් .ඉතින් ඔයාලගෙන් සැප සනීප අහල වැඩක් නෑනේ ..මටනෙ මේව ටයිප් කරන්න ගියාම අමාරු !

මතක් කරල අර නිකන් දෙන 5$ ගන්න .ඒක ගැන දැනගන්න මෙතනින් යන්න

විශේෂ පුවත් --- ඩොලර් 5 නිකන් ගන්න .ඔක්තෝම්බර් 31 කලින් රෙජිස්ටර් වෙන්න !!!

හරි හරි බයිල ඇති අද අපෙ මාතෘකාවට යංකෝ !!

විභාගෙ ඉවර උනාම ඕනේ කොල්ලෙක්ගෙ /කෙල්ලෙක්ගෙ හීනෙ වෙන්නෙ කිට මරල ටොප් විදියට ජොබ් එකකට යන එක (අර විභාගෙ පාස් සුලුතරය මේ ගොඩේ නෑ හොදේ ) .

ජොබ හරිගියා කියමු ඔතන  ගිහින් මොකද කරන්න තියෙන්නේ ? තමන්ට ලැබිල තියෙන කාලෙ ඇතුලත පැවරිල තියෙන වැඩ කොටස ඉවර කරන එකනේ ..ඉතින් ඕක ගෙදර ඉදන් කලොත් ?


අපෝ බෑ බෑ ගෙදර ඉදන්! අම්මෝ ජොබක් නැති උනත් ගෙදර ඉන්න බෑ ..ඕකනෙ උබලගෙ උත්තරේ
එහෙනම් මම කිව්වොත් හරි හරි ජොබට අවුලක් වෙන්නෑ පාට් ටයිම් වගේ කියල ..ම් ම් ම් ටිකාක් සලකා බලනව නේද ?


අන්න එහෙම සිස්ටම් එකක් තමා මේක.නම ඔඩෙස්ක් (අප්වර්ක් කියලත් කියනවා) ..නම අහල පුරුදු ඇති (සමහරුන්ට) ඒත් වෙන වැඩේ දන්නේ නෑ නේද ?? ඒක තමා මේක


ඇත්තටම මේකෙදි කරන්නේ ඔයාට සිරා ජොබ් දෙන එක තමා ..මේ ජොබ් ලෙවල් කීපයක් තියෙනවා .ඒ ලෙවල් පහු කිරීම ඔයාගෙ කඩුව හැසිරවීම මත තීරනය වෙනවා
මොකා කඩුව හැසිරවීම -- ඉන්ග්‍රීසි බන් ඉන්ග්‍රීසි

සාමාන්‍ය ඊ මනී ජොබ් සයිට් වල වගේම මේක හදාගන්න ඔයාගෙ ඡායාරූපයක් , පේපැල් එකක් වගේ ඒවා ඕනෙ වෙනවා .මොක කරන්නත් මුලින්ම සයිට් එකට යන්න එපායැ

odesk ලියාපදිංචිය


හරි දැන් පියවරෙන් පියවර බලමු


  • මෙහෙම ෆෝම් එකක් මුලින්ම ලැබෙයි .ඒක ෆිල් කරන්න 






  •  ඊට පස්සේ ඔයා දුන්නු ඊමේල් එකට ගිහින් ඒකෙන් ආපු මේල් එක හරහා නැවත් ලොග් වෙන්න ඊට පස්සේ මේ පහල තියෙන ෆෝම් එක ලැබෙයි 




  • ඒක ෆිල් කරාට පස්සේ මෙහෙම රෙජිස්ටර් වෙයි . දැන් තියෙන්නෙ ඔයාගෙ විස්තර දාන්න.






  • ඒකට මෙහෙම ෆෝම් එකක් එයි ඒකෙ ෆිල් කරන්න 






  • ඒකෙ යට කොටසෙදි තමන්ගෙ හැකියා මේ විදියට තෝරන්න එනවා .එතනින් ඔයාට තියෙන හැකියා තෝරල පහලින් ඒව මොන මට්ටමේද කියල තෝරල දෙන්න 






  • අන්තිමට ලොකුම ෆෝම් එක එනව .ඒකෙ ෆොටෝ වැඩක් නෑනේ අහල තියෙන දත්ත ටික පුරවලා .අකවුන්ට් එක කම්ප්ලීට් කරන්න 





හරි දැන් ඔයා රෙජිස්ටර් වෙලා තියෙන්නේ .දැන් තියෙන්නේ වැඩ කරන්න වැඩ කරන්න කලින් පොඩි උපදෙස් ටිකක් තියෙනවා දෙන්න 


කලින්ම කියනවා මේ උපදෙස් ටික මම උපුටා ගත්තෙ අපෙ කුප්පි දාන බ්ලොග් අයියගෙ පෝස්ට් එකකට වැටිල තිබුනු කමෙන්ට් එකකින් ..මම දන්න විදියට ඒ ලිපි කියෙව්වත් සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන් ඔඩෙස්ක් ගැන මම ඒ ලිපි ටිකෙත් මාතෘකා එක්ක ලිංක් ටික වෙන වෙනම දාන්නම් !


1.) මෙක පටන් ගන්නනම් හොඳ සන්නිවේදන හැකියාවක් තියෙන්න ඕනි, නැත්නම් සුද්ද ව අන්දන එක ලේසි නැහැ. (TEXT Chat කරන එක ලේසි උනාට Vedio chat කරන්නත් වෙනවා).

2.) මුලදිම ලොකු ගනන් වල වැඩ තෝර ගන්න එපා $ 5-10 වගෙ දෙන ඒව තෝර ගන්න. ( Fixed jobs)

3.) ඉන්දියන්, පිලිපීන් කාරයො තමයි Odesk එකෙ වැඩියෙන් ම ඉන්නෙ එයාල බොහොම අඩු ගානට වැඩ කරනව (හැබැයි Quality එක නම් එච්චර හරි නැහැ කියල Feedback Comments කියවල බැලුවහම තේරෙනවා, එ වගෙම උන් අඩු ගනන් දීල වැඩි වැඩ කරව ගන්නත් බලනව.)

4.) පුලුවන් තරම් සුද්දොන් ගෙ ජොබ් ම හොයන්න. උන්ට හිතට හරි ගියොත් හොඳට ගෙවනව.

5.) හොඳ Profile එකක් හදා ගන්න. Per Hour Rate එක මුලදි ලොකු ගනක් දාන්න එපා . අඩුම ගානකුත් දාන්න එපා. (AVG $ 2 – $3/hr)

6.) Odesk skill test කරන්න. (Ms Office, English etc )

7.) ජොබ් එකකට apply කරනකොට sample file එකක් අමුනල කරල දාන එක ගොඩක් හොඳයි.
a. MS Word formatting නම් තමන් format කරපු sample file එකක් attach කරන්න.
b. Excel Macro නම් තමන් කරපු Macro එකක් attach කරන්න.
c. එහෙම නැත්නම් එයා එවන Sample file එකෙන් 25% විතර කරල එක attach කරල යවන්න.

8.) තමන් බාරගත් වැඩේ හරියට කරන්න.( ලැබෙන ගාන ගැන හිතල එ වැඩේ නොසැලකිල්ලෙන් කරන්න එපා). හොඳ feedback එකක් (තරු 5) ගන්න පුලුවන් විදියට නිතරම වැඩ කරන්න. Employee -ve comment එකක් දැම්මොත් ඉතින් sorry තමා. එයාගෙ feedback එක අපිට පේන්නෙ අපි එයාට feedback දුන්නට පස්සෙ.

9.) සමහර වෙලාවට එයාල අපිව එක එක විදියට ටෙස්ට් කරනව. පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න (අපිව “Hire” නොකර MS word file formatting කරන්න කියනවා)

10.) ටික ටික experience අරගත්තහම වැඩේ කොහොමද කරන්නෙ කියල තේරෙනව එ වගේම demand කරන්න ඕනි කොයි වගෙ තැන්වලද කියලත් තෙරෙනව. අපි හැමතනම ජොබ් කරල experience තිබ්බත් Odesk එකට අවහම ඒකේ කෝඩුකාරයෙක් නෙ ඒක නිසා ඒකෙත් ටික ටික experience හදාගන්න ඕනි . සල්ලි හොයන්න ඉවසිලි නැති උනොත් මේක කරන්න බැහැ. මුලදි ජොබ් එකක් හොයනව කියන්නෙ හරිම අමාරු වැඩක්.ජොබ් වලට Application දාලම එපා වෙනවා.

ඔය ටික මම ලීවෙ මම ලබපු අත්දැකීම් වලින්. ඔය ජොබ් එකක් හොයන්න වෙන අමරුව නේ ඊලග ප්‍රශ්නය අපි සල්ලි අතට ගෙන්න ගන්නෙ කොහොමද කියල.
1.) සල්ලි ලංකාවට ගෙන්වන ක්‍රම 2 ක් තියෙනව
a. Debit Card
b. Moneybookers – ලාබම ක්‍රමය, එයාල අපේ Bank එකක තියෙන Account (any type) එකෙකට දින 2 කින් විතර සල්ලි එවනව.

2.) මම ඔඩෙස්ක් එකෙන් හොයගත්තු සල්ලි ටික ලංකාවට ගෙන්න ගන්නකොට හීන වුනු ප්‍රමාණය පහළින් දක්වා ඇත.
a. $1 Odesk එක ගිල්ල ( for money transfer odesk to moneybookers)
b. $2.50 moneybookers ල කපාගන්නව ( for wire transfer to SL bank account)
c. රු 250 විතර ලංකාවෙ බැංකුවෙන් අරගන්නව

3.) මම මෙ ලීවෙ Commercial බැංකු වෙ තියෙන Account එකට සල්ලි එව්වොත් වෙන දේ.

4.) moneybookers ලට දෙන්නෙ swift code + ( Full bank account no)

5.) Swift code කියන්නෙ බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන unique code එකක්. එක බැංකුවෙන් ඉල්ල ගන්න පුලුවන්.
උත්සහ කරල බලන්න ODESK ජය ගන්න පුලුවන්.

තව එක දෙයක් ලියන්න අමතක උනා, මුලදිම Capcha type කරන්න නම් යන්න එපා Odesk එක එපා වෙනව, එ පොරවල් ගෙවන්නෙ 10000 ක්ම type කලොත් විතරයි නෙ, අනිත් එක රැ 11.00 විතර ඉඳල උදේ 5.00 විතර වෙනකම් වගෙ තමයි කරන්න පුලුවන් අනිත් වෙලාවට අම්බානෙට slow. අනිත් එක මොබිටෙල් වගෙ BB එකක් තිබ්බොත් බුදු ගානට මල තමා

ඔන්න එහෙනම් අපෙ කුප්පි අයියගෙ අයිප්ලස් බ්ලොග් එකේ ඔඩෙක්ස් ගැන ලියවුනු ලිපි වල ලින්ක් ටික

පන්නපු පේපරේ

ODESK මගින් මුදල් උපයන හැටි

ODESK මගින් මුදල් උපයන හැටි -- පාර්ට් 2

ODESK මගින් මුදල් උපයන හැටි--පාර්ට් 3


හරි අදට ඇති නේ !!! මෙකනම් මරුම මරු සිස්ටම් එකක් .ඉතින් ඔයාලත් ට්‍රයි කරන්න .ගොඩක් ඉතින් ගණුදෙනුකරුවව අල්ලන් ඉන්න පුලුවන්නම් මිනිහගෙන්ම ජොබ් 10/15 විදින්න පුලුවන් .ඒක මාර වාසී ..

ඉතින් ඔයාලගෙ අදහස් මේකෙ කමෙන්ට් කරල යන්න .මට ඒක මාර වැදගත් !!
එහෙනම් අනිද්ද අලුත් ලිපියෙන් හමුවෙමු ...එතකන් හැමදාම කියනව වගේ අලුත් ලෝකෙත් එක්ක තරග කරන්න පුලුවන් තරම් අප්ඩේට් වෙන්න බලන්න .....!!!!!!1!

























No comments: