5 ලිපිය -- අතේ ෆෝන් එක තියෙනවද ? දවසට ෆෝන් කාඩ් 3ක සල්ලි හොයමුද ?? - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Wednesday, October 18, 2017

5 ලිපිය -- අතේ ෆෝන් එක තියෙනවද ? දවසට ෆෝන් කාඩ් 3ක සල්ලි හොයමුද ??

by PRINCE ADITHA


ඔන්න එහෙනම් කිව්ව වගේම ඇඩ් ක්ලික් වලට වඩා වැඩියෙන් සල්ලි හොයන්න ක්‍රමයක් ගෙනාව . මේක නම් හොද ඩේට පැකේජ් එකක් තියෙන කෙනෙකුට දවසට ඩොලර් 5 වගෙ හොයන්න පුලුවන් සිස්ටම් එකක් .පොඩි පොඩි ජොබ් තමා කරන්න තියෙන්නෙ

මේකෙ තියෙන විශේශත්වය තමා ඔයා ගාව ඇපල් හරි ඇන්ඩ්‍රොයි හරි පෝන් එකක් තියෙනවනම් අනිවාර්යෙන් 1$ වත් උපයන්න පුලුවන් පේනවනෙ ඒක ඇඩ් ක්ලික්  වගේ 20 ගුණයක් ලාබයි

මේකෙ නම කිව්වම ඊ මනී කරන ගොඩක් අය මේක ගැන දන්නව .මේකෙ නම තමා  Microworkers .. ගොඩක් අය නම නම් අහල තියෙනවනෙ 

එහෙනම් මුලින්ම  පහළ ලිංක් එකෙන් ගිහින් Microworkers  අඩවියේ ලියාපදිංචි වෙමුකො.


microworkers
එතකොට ඔයාට ෆෝම් එකක් ලැබෙනව 

මේක පුරවල Submit කලාම ඔයාල දීපු ඊමේල් එකට verification link එකක් ඒවි. ඒකෙන් ඔයාලගෙ ගිණුම වලංගු කරගන්න.

ඊට පස්සෙ ඔයාලගේ විස්තර සම්පූර්ණ කරන්න පිටුවක් විවෘත්ත වේවි. ඒකත් නිවැරදිවම සම්පූර්ණ කරන්න.
විශේෂයෙන්ම ලිපිනය, මොකද මේකෙන් අපි උපයන මුදල අපේ  account එකට හුවමාරු කරද්දි ඒකට pin අංකයක් අවශ්‍ය වෙනව. ඒක එවන්නේ අපේ ඊමේල් ලිපිනයට නෙවෙයි. ගෙදර ලිපිනයට. ඒ වගේම අපිට ඒ විස්තර පසුව වෙනස් කරන්නත් බෑ. ඒක නිසා හොඳ කල්පනාවෙන් නිවැරදිවම විස්තර ලබා දෙන්න.

දැන් සයිට් එකට ලොග් වෙන්න 
ඒකෙ Jobs ටැබ් එකෙන් දැනට ඔයාලට කරන්න තියන ජොබ් පෙන්නනව. 
Tasks I finished ටැබ් එකෙන් දැනට ඔයාල කරපු ජොබ් වල විස්තර බලාගන්න පුළුවන්
අනිත් ටැබ් ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්.

දැන් අපි බලමු කොහොමද ජොබ් එකක් කරනනේ කියල.
ලිස්ට් එකේ තියන Job name උඩ ක්ලික් කලාම පහල වගේ විනඩෝ එකක් විවෘත්ත වෙනව.

ඒකෙ විස්තර ටික කියවල බලන්නකෝ. මේකෙ අපෙ වගේ රටවල් වලට හම්බුවෙන ජොබ් 0.1$  -  5$ පරාසයක පවතිනව 
ඒ ගණන කරන්න තියන ජොබ් එක අනුව වෙනස් වෙනව.


What is expected from Workers? තැනින් විස්තර කරන්නේ අපිට කරන්න තියන වැඩ විස්තරයි. මේකනම් පොඩිම එකක් නිසා ලොකු විස්තරයක් නෑ.

Required proof that task was finished?
මෙතනින් ඉල්ලනනේ අපි ජොබ් එක කලබවට තහව්රු කරගන්න සාක්ෂියක්. 


ජොබ් එක බාරගන්න කලින් අනිවාර්යෙන්ම මේ විස්තර දෙතුන්  පාරක් කියවල බලන්න.
කරන්න පුළුවන් කියල හිතෙනවනම්ම විතරක් බාරගන්න.
බැරි වැඩ බාරගෙන කරන්න බැරි උනොත් ගිණුම අවලංගු වෙනව.

කරන්න පුළුවන් කියල හිතෙනවනම් විතරක් I accept this job(a form will open below) ක්ලික් කරන්න.

ඔයාල ජොබ් එක කලානම් ඒකෙ ඉල්ලපු සාක්ෂිය මෙතන ටයිප් කරල I confirm that I have completed this task ක්ලික් කරන්න. ඔයාල කරන ජොබ් එකක් නිවැරදිද බලල ඒකට ගෙවීම් කරන්න පැය 1 සිට දින 7ක් දක්වා කාලයක් යනව.

ගිණුමෙ මුදල $ 9.75 උනාම අපිට සල්ලි ගන්න පුළුවන්.


මෙන්න එතන තියෙන අනිත් ටැබ් ගැන විස්තරේ -- 
  1. Job Name -  මෙය අදාළ ක්‍රියාකාරකම සඳහා සේවා යෝජකයා විසින් ඇතුලත් කරන ලද නාමයයි. මෙය ක්‍රියාකාරකම පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමටද ඉවහල් වේ.
  2. Payment - එම ක්‍රියාකාරකම සම්පූර්ණ කල විට සේවායෝජකයා විසින් අපට ගෙවනු ලබන මුදලයි.
  3. Success - මෙමගින් අදහස් කරනු ලබන්නේ එම ක්‍රියාකාරකම නිවැරදිව සම්පූර්ණ කල පුද්ගල ප්‍රතිශතයයි. මෙය ඉහල අගයක් ගන්නා ක්‍රියාකාරකම් පමණක් සිදුකිරීම නුවණට හුරුය.(එයට හේතුව පසුව විස්තර කරමි)
  4. TTR(Time-to-Rate) - ඔබ මේ ක්‍රියාකාරකම සම්පූර්ණ කොට දින කීයක් ඇතුලත ගෙවීම් කරනවාද යන්න මෙමගින් පෙන්වයි. *කෙසේවෙතත් දින 7ක් ඇතුලත සේවායෝජකයා ගෙවීම් සිදු නොකළහොත් ඔබට එම මුදල micro Workers තුලින් නිසැකවම ලබාදීම සිදු කරයි.
  5. TTF(Time-to-Finish) - අදාළ ක්‍රියාකාරකම සඳහා ඔබට ලබා දී තිබෙන කාලයයි.(මෙය මිනිත්තු වලින් දැක්වෙන බව කරුණාවෙන් සලකන්න)
  6. Done - දැනට කී දෙනෙක් මෙම ක්‍රියාකාරකම සිදුකර ඇත්ද යන්න මෙතුලින් පෙන්නුම් කරයි.
  7. Remove - ඔබට මෙම ක්‍රියාකාරකම අවශ්‍ය නම් පමණක් ඉවත් කල හැක. මෙය අනිවාර්ය නොවේ.

විශේශතා --- මේකෙ බහුතරයක් අපි වගේ රටවල් වල අයට හමුවෙන්නෙ ඇප් චෙක් කරන වැඩයි ,ඔය වෙබ් ඩිවලොපින් වැඩයි  ඉතින් ඔයා ගාව ස්මාර්ට් පෝන් එකක් තියෙනවනම් සල්ලි හොයන එක ගේමක් නෑ 

මුදල් ලබා ගන්න Account එක Moneybookers එකක් නම් හොදයි. මොකද Paypal වල අඩුම කොමිස් මුදල ගත්තට ලංකාවට support කරන්නේ නැහැනේ. Moneybookers සහ Alertpay  6.5% ක කොමිස් මුදලක් ගන්නවා.. ඔයාලට තාම Moneybookers හෝ Alertpay  ගීනුමක්‌ නැත්තම් මෙතනින්www.moneybookers.com හරි payza.com ගිහින් එකක් හදා ගන්න. මේක හදා ගද්දි ඊ මේල් ලිපිනය විදිහට ඔයාල නිතර පාවිච්චි කරන ඒ මේල් ලිපිනයක් දෙන්නදැන් බලනවා ඇති Moneybooker  එකක් තියෙද්දී PIN නම්බරයක් එවන්නේ මොකටද කියල. එවන PIN  නම්බරය හරියට ගැහුවොත් තමා ඔබේ මුදල් Moneybooker එකට යවන්නේ. හරි එහෙනම්...ඔයාලට කරන්න වෙන්නේ මොනවගේ ජොබ් (JOB)ද කියල බලමු.



මේක ගැන තියෙන තව ලිපි තමා මේ 



ඔන්න එහෙනම් ඒ වැඩෙත් හරි සල්ලි හොයන්න පුලුවන් 2 ක්‍රමේ ගැන විස්තර තමා මේ ඇත්තටම මේකෙ වැඩ කරන්න නම් පොඩි ENGLISH KNOWLEDGE  එකක්  ඕනෙ වෙනවා මොකද ඔයාගෙ ගනුදෙනුකරුව අල්ලල තියාගන්න එපැයි 
හරි එහෙනම් අපි අලුත් ලිපියකින් හමුවෙමු.. එකෙදිනම් මීටත් වඩා දවසට හොයන්න පුලුවන් 
එතකම් අලුත් ලෝකෙත් එක්ක තරග වදින්න පුලුවන් තරම් අප්ඩේට් වෙලා ඉන්න !!!!!

ලිපිය ලිව්වෙ --- PRINCE ADITHA

No comments: