12 ලිපිය {3 ක්‍රිප්ටො ලිපිය } --- ක්‍රිප්ටොකරන්සි ,රුපියල් දාලා ගමුද ?? දවස් 2න් ආයෝජනයේ වටිනාකම දෙගුණ කරමුද ?? - E MONEY ලෝකය

මේ සයිට් එකෙන් අපි උත්සහ කරන්නෙ අන්තර්ජාල මුදල් ඉපයීම, රදවා ගැනීම, වියදම් කිරීම පිලිබද ඔබට පැන නගින ගැටලු සදහා හැකිතාක් දුරට විසදුම් ලබා දීමට ඒ වගේම ආදුනිකයෙකුට කොහොමද මේ ක්ශේස්ත්‍රයට පිවිසෙන්නෙ කියන එක කියල දෙන්න.ඉතින් අපිත් එක්ක එකතු වෙලා දියුනු වෙන ලෝකෙත් එක්ක තරග කරන්න ලෑස්ති වෙන්න

Saturday, November 4, 2017

12 ලිපිය {3 ක්‍රිප්ටො ලිපිය } --- ක්‍රිප්ටොකරන්සි ,රුපියල් දාලා ගමුද ?? දවස් 2න් ආයෝජනයේ වටිනාකම දෙගුණ කරමුද ??

by PRINCE ADITHA





ඔන්න එහෙනම් ලිපි පෙලෙ 12 වෙනි ලිපිය නැත්තන් ක්‍රිප්ටොකරන්සි ලිපි පෙලේ 3 වැනි ලිපිය පටන් ගන්න තමා යන්නෙ මෙකෙදි මම කියල දෙන්න් හදන්නෙ කලින් ලිපියෙ කිව්ව කරන්සි වර්ග කොහොමද රුපියල් දාල ගන්නේ කියන එක 
ඊට කලින් මුල් ලිපි 2 බලන්න


10 ලිපිය {1 ක්‍රිප්ටො ලිපිය } ---- ඔයාගෙ අතේ මේ වෙද්දි කීයක් තියෙනවද ?? තියෙන ගාන දෙගුණ ,තුන්ගුණ කරමුද !!!!


11 ලිපිය {2 ක්‍රිප්ටො ලිපිය } --- කාසියක් දීල ලැම්බොගිනියක් ගන්න පුලුවන්ද ??? ට්‍රයි එකක් දෙමුද ???



මේ වැඩේට ඔයාට ඔනෙ වෙනව ආයතන 3ක ගිණුම් 3ක් අපි දැන් බලමු මොනවද මේ ආයතන සහ ගිණුම් කියල 


  • ලංකාවේ අන්තර්ජාල ගණුදෙනු වලට වලංගු ගිණුමක් 
  • ඒ ගිනුමෙ මුදල ඩොලර් ($) වලට මාරු කරන්න පුලුවන් අන්තර්ජාතික බැංකු ගිණුමක් 
  • ක්‍රිප්ටොකරන්සි මිලදී ගන්න පුලුවන් විශ්වාසදායී ආයතනයක ගිණුමක්  


  දැන් අපි බලමු මේ එක එක ගිණුම් හදා ගන්නෙ කොහොමද කියල 



  • ලංකාවේ අන්තර්ජාල ගණුදෙනු වලට වලංගු ගිණුමක්

මේ ගැන මම කලින් ලිපියක කිව්ව ඒ නිසා ඒ ලිපියෙ වැදගත් කොටසෙ උපුටනයක් දාන්නම් ..මුලු ලිපියම කියවන්න කැමති නම් මෙතනින් යන්න 




රාජ්‍ය බැංකු (NSB, BOC, People's Bank) එකකවත් මම දන්න තරමින් අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ ඩෙබිට් කාඩ් දෙන්නේ නෑ. හැබැයි ක්‍රෙඩිට් කාඩ් වලට නම් මේ කියන දේ අදාල නෑ. ඕනම බැංකුවක ක්‍රෙඩිට් කාඩ් එකක් මේකට ගැළපෙනවා. 

ගොඩක් පෞද්ගලික බැංකු වල නම් අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ ඩෙබිට් කාඩ් දෙනවා. HNB, Commercial ඒ අතරින් විශේෂයි. මොකද මේ e-Money ක්ෂේත්‍රයෙදි ඒ බැංකු ලංකාවෙ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය නිසා. 

ඒ නිසා ඔයත් e-Money වලට බහින්න හිතන් ඉන්නව නම් HNB, Commercial වගේ බැංකුවක ගිණුමක් හදා ගන්න. ඩෙබිට් කාඩ් එකත් ගන්න. අළුත් ගිණුමක් හදනකොට කාඩ් එක එවලෙම දෙනවා. පරණ ගිණුමක නම් ඩෙබිට් කාඩ් එක ගන්න සති දෙකක් වත් යනවා. HNB වලටත් වඩා Commercial බැංකුවේ ගිණුමක් හදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.


දැන් වෙන බැංකුවල ගිණුම් තියෙන, ඒ වගේම ඩෙබිට් කාඩ් තියෙන අය ඒක තියෙද්දි අළුත් ඒවා හදන්න ඕන නෑ. ඩෙබිට් කාඩ් එකේ ප්‍රින්ට් කරලා තියෙනවා පාරිභෝගික සේවා අංකයක්. ඒකට කතා කරලා තමන්ගේ ඩෙබිට් කාඩ් එක අන්තර්ජාල ගනුදෙනු (internet transactions) වලට support කරනවද නැද්ද කියලා අහලා දැනගන්න. එහෙම support කරන්නෙ නැත්නම් විතරක් කළින් කිව්ව බැංකුවක ගිණුමක් හදා ගන්න. 

එහෙම අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් ඩෙබිට් කාඩ් එකක් තියෙන බැංකු ගිණුමක් හදා ගත්තට මදි. සාමාන්‍යයෙන් ඒ ඩෙබිට් කාඩ් වල වුණත් අන්තර්ජාල ගනුදෙනු පහසුකම අක්‍රිය කරලයි එන්නේ. ඒ නිසා ඩෙබිට් කාඩ් එකට අදාළ බැංකුවේ පාරිභෝගික සේවා අංකයට කතා කරලා අන්තර්ජාල ගනුදෙනු (internet transactions) active කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරන්න ඕනේ. ඉන් පස්සේ එවලෙම ඒ පහසුකම සක්‍රිය කරගන්න පුළුවන්. 

තව දෙයක්. සම්පත් බැංකුවේ ඩෙබිට් කාඩ් එකෙන් අන්තර්ජාල ගනුදෙනු කරන්න බැරි වුණාට එයාලා අන්තර්ජාල ගනුදෙනු වලටම Web Card කියලා වෙනම කාඩ් එකක් දෙනවා. රීලෝඩ් දානවා වගේ ඒකට සල්ලි දාලා අපිට අන්තර්ජාලයෙදි වියදම් කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් පුළුවන් වියදම් කරන්න විතරයි. සල්ලි ආපහු ගන්නවනම් බැංකුවට ලියුමක් දෙන්න ඕනේ . RevShare වැඩේට නම් ඒක ගැළපෙනවා. කැමති කෙනෙකුට සම්පත් බැංකුවේ ගිණුමක් නොතිබුණත් එයින් කාඩ් එකක් ගන්න පුළුවන්   



  • ඒ ගිනුමෙ මුදල ඩොලර් ($) වලට මාරු කරන්න පුලුවන් අන්තර්ජාතික බැංකු ගිණුමක්

මේ ගැන නම් ලොකු ලීපියක් දැම්ම මුල්ම දවස් වල ඒ නිසා ඒකම ආයේ ටයිප් කරන එක තේරුමක් නෑ ඔන්න ඒ ලිපිය පහලින් ගිහින් බලන්නකෝ 




  • ක්‍රිප්ටොකරන්සි මිලදී ගන්න පුලුවන් විශ්වාසදායී ආයතනයක ගිණුමක්

ඔන්න අද ලිපියෙ වැදගත්ම කොටසට ආවා ..

දැනට තියෙන හොදම Exchangers විදිහට Bittrex සහ Poloniex තමයි මමනම් Recommend කරන්නෙ.. පහලOfficial Links වලින් ගිහින් ඔයාලගේ Email Address එක දිලා Exchanger කෙනෙක්ගෙන් Register වෙන්න..





Poloniex  :     https://poloniex.com/signup


මම මෙතනදි පැහැදිලි කරන්න යන්නෙ කොහොමද අපි බිට්‍රෙක්ස් එකේ රෙජිස්ටර් වෙන්නෙ කියන එක ..අනික් එකත් ඒවගේම තමා .සුලු වෙනක්කම් කීපයක් තියෙනව 



 මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න 


එන ෆෝම් එක ෆිල්  කරන්න. සයින් අප් බට්න් එක ක්ලික් කරන්න 
ආයෙත් ඊමේල් එකට ලොග් වෙලා අකවුන්ට් එක කන්ෆෝම් කරන්න ..
හරි වැඩේ ඉවරයි දැක්කනෙ කොච්චර ලේසිද කියලා ...


දැන් බලමු අපි අර හදපු අන්තර්ජාතික බැංකු ගිනුමෙන් මේකට සල්ලි දාන්නේ කොහොමද  කියල මේ ගැන ලිපිත් නෙට් එකේ ගොඩක් තියෙනව ..එතනින් හොදම ලිපියක් වෙන සත් සයුර  සයිට්  එකේ ලිපියෙ උපුටනයක් පහතින් දාන්නම් 


"

සල්ලි DEPOSIT කරලා BITCOIN අරන් WITHDRAW කරන හැටි.


මුලින්ම CEX ගිණුමට log වෙන්න. දැන් මුල් පිටුවේ හැම තැනම මේ විදිහට Bitcoin buy කරන්න ලින්ක් තියෙනවා. ඒත් ඒවා ක්ලික් කරලා Bitcoin ගන්න ගියොත් අපිට පාඩුයි. මොකද දැනට තියෙන මිලට වඩා වැඩි මිලකට තමයි මේවයින් Bitcoin ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒවා හරහා ගිහින් Bitcoin ගන්න එපා. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)
හරි විදිහට Bitcoin ගන්න නම් මේ විදිහට කරන්න. මුලින්ම දකුණු පැත්තෙ උඩ තියෙන කොළ පාට DEPOSIT කියන button එක ක්ලික් කරන්න.
CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

එතකොට මෙහෙම page එකක් එනවා. ඒකෙ දකුණු පැත්තෙ උඩ select Currency and amount කියන තැන currency එක විදිහට USD තෝරලා ඔයා Bitcoin ගන්න ගෙවන්න බලාපොරොත්තු වෙන ගාණ ටයිප් කරන්න. (deposit කරන්න පුළුවන් අවම ගාණ $20 යි.)

(ඔයා Bitcoin ගන්නේ Dascoin පැකේජ් එකකට නම් මුලින් coinleaders එකෙන් order එක place කරලා invoice එක අරගෙන ගෙවන්න ඕන Bitcoin ගාණ බලලා ඒකට යන USD ගාණ බලාගෙන ඉන්න. මේ ගැන වැඩි විස්තර වලට මෙතනින් ගිහින් අදාළ පෝස්ට් එක කියවන්න.)

දැන් වම් පැත්තෙන් Payment method එක විදිහට Payment Card තෝරලා පහළින් payment card එක විදිහට කලින් add කරපු card එක තෝරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

එතකොට ආයෙත් අපි කලින් verify කරගත්තු card එකේ CVV code එක ඉල්ලනවා. ඉතින් දැන් දන්නවනෙ CVV කියන්නෙ මොකක්ද කියලා. ඒක type කරලා ඊට මෙහායින් තියෙන කොටුවට හරි ලකුණ (tick) දාලා Deposit ක්ලික් කරන්න. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ඒ page එකේම තමන්ගේ බැංකුවට අදාළව online payment එකක් කරනකොට පුරුදු විදිහට SMS code එකක් phone එකට එවලා ඒක ටයිප් කරන්න කියයි. ඒක ඒ විදිහටම කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

හරියට සේරම සිද්ධ වුණා නම් වගේම කාඩ් එකේ payment එකට ඇති තරම් සල්ලි තිබුණා නම් Deposit Successful වේවි. මේ විදිහට message එකක් එනවා ඒක Closeකරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් සල්ලි හරියට add වුණාද කියලා අපිට බලාගන්න පුළුවන් උඩ menu එකට පහළින් තියෙන balance වලින්.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟට යන්න තියෙන්නෙ Bitcoin ගන්න. ඒකට මුලින්ම උඩ menu එකෙන් TRADEතෝරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් උඩ menu එකේම තියෙනවා මේ වෙලාවේ Bitcoin එකක මිල. ඒක බලාගන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඒක බලාගෙන trade page එකේ පහළට scroll කරගෙන යන්න එතකොට හම්බ වේවි Buy BTC කියලා කොටුවක්.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඒකෙ Price Per BTC කියන තැනට අර බලා ගත්ත ගාණට වඩා පොඩ්ඩක් වැඩියෙන් දාන්න. උදාහරණයක් විදිහට මේ වෙලාවේ Bitcoin එකක අගය $869.5 යි නම් අපි මෙතන දෙන්න ඕනෙ $870 කියලා.

ඊළඟට ගන්න ඕන Bitcoin ගාණ. තමන්ට ඕන කරන ගාණ විතරක් මෙතන දාන්නත් පුළුවන්. deposit කරපු ඩොලර් සේරගෙන්ම Bitcoin ගන්න ඕනෙ නම් මුලින් වැඩි ගාණක් ටයිප් කරන්න. එතකොට message එකක් එනවා උපරිම ගන්න පුළුවන් මෙච්චරයි කියලා. අන්න ඒ ගාණ copy කරලා ආයෙම අර කොටුවටම paste කරන්න.

අන්තිමට Place Order ක්ලික් කරලා එන message එක Confirm කරන්න.

දැන් ටික වෙලාවකින් දකුණු පැත්තෙ උඩින් BTC buy වෙන notitications පෙන්නයි. page එක refresh කළාම උඩ menu එකට පහළින් Bitcoin buy වෙලා තියෙනවා පෙනේවි.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

හරියටම trade එක සිද්ධ වුණාද කියලා බලන්න නම් finance page එකට යන්න වෙනවා. ඒකට උඩ menu එකෙන් FINANCE තෝරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් trade page එකේ ඔයාලට පේනවා ඇති හරියට Bitcoin buy වුණාද නැද්ද කියලා. USD ඉස්සරහ In Orders වල 0 පෙන්නන්නෙ නැතුව යම් ගාණක් පෙන්නනවා නම් ඒ කියන්නෙ තාම Bitcoin buy වෙලා ඉවර නෑ කියන එක. එහෙම වුණොත් තව ටික වෙලාවක් ඉන්න වෙනවා. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

BTC balance එකේ හරියට Bitcoin ටික ඇවිත් තියෙනවා නම් දැන් තියෙන්නෙ withdraw කරන්න. ඒකට finance page එකේම BTC ඉස්සරහ තියෙන Withdrawalbutton එක ක්ලික් කරන්න. නැත්නම් උඩ menu එකට පහළින් දකුණු පැත්තේ තියෙන ලොකු WITHDRAW button එක ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් withdraw page එක පෙන්නනවා. withdraw කරන්න නම් අපිට bitcoin wallet එකක් තියෙන්න ඕනේ. Coinbase, Blockchain වගේ ඕනම wallet එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් Xapo පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. මොකද Xapo වල Bitcoin ගනුදෙනු වලට fees අය කිරීමක් සිද්ධ වෙන්නේ නෑ. 

වැදගත්: Dascoin පැකේජ් ගන්න වගේ දේවල් වලට කෙළින්ම CEX.io එකෙන්  Bitcoin යවන්න එපා. ඒක ඒ තරම් සුදුසු නෑ. ඒ නිසා හොඳම දේ Xapo වගේ wallet එකකට Bitcoin අරගෙන ඒ හරහා අදාළ payment එක කරන එක.

දැන් ආයෙත් withdraw කරන හැටි ගැන කතා කළොත් මුලින්ම withdraw page එකේ currency එක විදිහට BTC දාලා withdraw කරන්න ඕන Bitcoin ගාණ දාන්න. account එකේ තියෙන සේරම withdraw කරන්න ඕන නම් account එකේ තියෙනවට වඩා වැඩි ගාණක් ටයිප් කළාම එන message එකේ පෙන්නන ගාණ බලාගෙන ආපහු ඒ කොටුවේ ටයිප් කරන්න.

දැන් Withdrawal method එක විදිහට CryptoPay තෝරන්න. එතකොට BTC address එක ඉල්ලනවා. එතනට ඔයාගේ Xapo, Coinbase වගේ wallet එකක BTC address එක copy-paste කරන්න. අන්තිමට Withdraw ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ඔයාගේ ෆෝන් එකට code එකක් ගෙන්නගෙන withdrawal එක verify කරන්න ඕනේ. ඒකට ලැබෙන page එකෙන් SMS තෝරන්න. එතකොට code එක එනවා ඔයා CEX.io එකට add කරපු number එකට. ඒක ටයිප් කරලා Confirm ක්ලික් කරන්න. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)
අන්තිම පියවර විදිහට ඔයාගේ CEX.io එකේ register වෙනකොට දුන්න ඊ-මේල් ගිණුමට e-mail එකක් එනවා. ඒ නිසා ඊ-මේල් ගිණුමට ලොග් වෙලා ඇවිත් තියෙන mail එකේ තියෙන Confirm button එක ක්ලික් කරන්න.

දැන් CEX.io එකේ මෙහෙම page එකක් පෙන්නනවා. ටික වෙලාවක් බලාගෙන ඉන්න ඒක close නොකර.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

අන්තිමට ටික වෙලාවකින් මෙන්න මෙහෙම page එකක් එයි. ඒ කියන්නෙ withdrawal එක process වෙන්න දැම්මා කියලා message එකක්. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඉන් පස්සෙ wallet එකට Bitcoin එන්න විනාඩි 15 වගේ ඉඳලා පැය 02 වගේ වෙනකන් කාලයක් යනවා. ඉන් පස්සෙ ඔයාගෙ Bitcoin wallet එකට Bitcoin ඇවිත් transaction එක complete වෙලා තියේවි. (transaction එක complete වෙන්න කලින් pending කියලා පෙන්නුවට ඔයාට ඒවා payment එකකට පාවිච්චි කරන්න බෑ.) ඒ නිසා transaction එක complete වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය payment එක wallet එක හරහා කරගන්න.

එහෙනම් වැඩේ ඉවරයි. CEX.io ගැන කියන්න තියෙන හැම දේම වගේ කිව්වා. CEX.io පාවිච්චි කරන අයට මේක ගොඩක් වැදගත් වෙයි.


මේ ටිකත් කියන්න ඕනේ. ඔයාට තමන් හොයපු Bitcoin ආපහු තමන්ගේ බැංකු ගිණුමට ගන්න ඕන නම් CEX.io එකෙන් ඒකටත් පහසුකම් සලසලා තියෙනවා. අපි add කරපු card එකට හරි, bank transfer එකකින් හරි (තාම අත්හදා බලලා නෑ) Bitcoin රුපියල් වලට හරවලා අපේ බැංකු ගිණුමට ගෙන්න ගන්න පුළුවන්. ඒ ගැනත් දැනගෙන ඉන්න එක වටින නිසයි කියන්න හිතුවෙ."


ඔන්න එහෙනම් රුපියල් දාල ක්‍රිප්ටොකරන්සි  ගන්න සිස්ටම් එක ගැන තියෙන ඔක්කොම දේවල් තමා මේ .. මේ වැඩේ බොහොම පිලිවෙලට කරන්න ඕනෙ වැඩක් ... 

ඉතින් එහෙනම් ලිපියත් දිග වැඩි උනා වගේ හිතෙන නිසා මෙතනින් නවත්තන්නම් .. ඊලග මාතෘකාව විදියට දාන්න හිතන් ඉන්නෙ කොහොමද හරිම විදියට බිට්‍රෙක්ස් එකෙන් කොයින් එකක් ගන්නෙ ,ලාභයක් ඇතිව දෙන්නෙ කියන එක ගැන 
 ආ කියන්න අමතක උනා ඔයාලට මේ ලිපි වගේම අර ෆ්රී මනී ලිපි මග ඇරෙන එක නවත්තන්න මම ෆේස්බුක් එකේ පේජ්  එකකුත් පටන් ගත්ත ඉතින් ඒකත් එක්කත් ජොයින් වෙන්න කියල ආරාධනා කරනවා 




ලිපිය ලිව්වේ --- PRINCE ADITHA 


"

No comments: